𝙿𝚊𝚛𝚝 <15>...

862 115 58
                                    

දොරට ගහන හඩට ඇහැරුන ජන්ග්කුක් තාමත් සනීපෙට නිදාගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලල ඈනුම් අරින ගමන් ගිහින් දොර ලාවට ඇරල හොරාට වගේ එබිල ආවෙ කවුද කියල බලද්දී ඇවිත් හිටපු නැම්ජූන්ත් දොරේ හිඩසෙන් හොරාට බැලුවෙ ජන්ග්කුක් කන්ෆියුස් වෙලා නැම්ජූන් දිහා බලද්දී....

" ගුඩ් මෝනින් ජන්ග්කුක්"

" ගුඩ් මෝනින්...ඇයි උබ හොරාට එබිල ඉන්නෙ ඔය?"

" උබත් ඔය දොර ඇරල හොරාට එබිලනෙ බැලුවෙ"

" මම මේ නිදිමත නිසා එහෙම එබුනෙ...ඇයි ආවෙ මේ වෙලාවෙ?"

" දෙන්න එක්ක ලෑස්ති වෙලා වරෙන්...අරූ අපිවත් කුදලගෙන ජේජු ආවෙ නිදාගන්න නෙවෙයි වෙන්න ඇතිනෙ"

" හ්ම් ...ටිකක් වෙලා යාවී...ටේගෙ අත තවන්නත් ඕන"

" හරි හරි...අපිත් මේ දැන් ලෑස්ති වෙන්නෙ නෑ"

එහෙම කියපු නැම්ජූන් එතනින් යද්දී , ආපහු දොර වහල දාපු ජන්ග්කුක් තාමත් නින්දෙ ඉන්න ටේහ්‍යොන්ග්ව ඇහැරවන්න ගත්තා...

" ටේ...ඇහැරෙන්නකෝ"

" තව ටික වෙලාවක්"

" බෑ...අන්න කට්ටිය ඇවිදින්න යන්න හදනවා...අපිත් යමු"

" මට නිදිමතයි මැණික "

" මැණික නෙවෙයි මම තිරුවාණ...ජේජු ආවෙ නිදාගන්න ද...නැගිටපන් මිනහෝ"

" අනේ ගෑනියේ...ඉන්න දෙනවකෝ නිදහසේ"

" මොකක්ද...ගෑනියේ ?...අනිත් අතත් කඩනව හොදේ"

" ජන්ග්කුකී නපුරු වෙලා...මහ ඕන් නෑ...මට එපා "

ටේ ඇස් පියාගෙනම මූණත් බෙරිකරගෙන අනිත් පැත්ත හැරිල නිදාගන්න ගියත් දකුණු අත ඇගට යටවුන එකෙන් ටේහ්‍යොන්ග්ට ඉබේටම ඇහැරුනේ ඇස් වලටත් කදුලු පිරෙද්දී...

ටේහ්‍යොන්ගෙ මූණ වෙනස් උන විදියෙන්ම ටේහ්‍යොන්ගෙ අත රිදුනබව තේරුන ජන්ග්කුක් ඉක්මනට ඇදෙන් වාඩිඋනේ ජන්ග්කුක්ගෙ මූණෙත් වදවෙන පෙනුමක් ඇදිල තියෙද්දී...

He Is A DivaWhere stories live. Discover now