ආදරේ...love...කාදල්...ප්යාර්...මොහබ්බත්...amor...සරංග්...ලීබේ...අශ්ක්...ඉශ්ක්....
ඔය මොන නමින් කිව්වත් මේ හැඟීමට පුලුවන් මිනිහෙක්ව ජීවත් කරවන්න වගේම මරලා දාන්නත්...ආදරෙ හරි පුදුමයි...ආදරේ හරි විශමයි...ආදරේ හරි පූජනීයයි...ආදරේ හරි අනතුරුදායකයි...
කියන්නටනම් දහක් දේ ඇත.
නමුත් කියනට තරම් හිත නැත.
කියනූ රිසි දේ ලවන් සිරකොට .
පිටට පැමිනෙන මග වසා ඇත.දෑත අත පය අහිමි වුවමුත්
දිවිය රැකගනු හැකිය යම්විට
නමුත් සිත බිඳි කැබලි ගුලිකොට
කෙලෙස බලමිද දිවියෙ පෙරමග.නොරිසි දේටත් රිසිව බැරිවිය.
කලකිරුනු සිත ගිලන් වී ඇත.
අහිමි කරගනු නොහැකි බව දැන
කිසිත් නොකියමි ; දෙතොල ගොලුවිය- ශෙරෝන් -
📲📲📲ට්රීං ට්රීං ට්රීං.......📲📲📲
හයිවේ බස් එකේ වීදුරුවට ඔලුව ගහගෙන ඈතින් පේන කටුපොල් වතු දිහා බලන් උන්න මගේ සමාධිය බිඳලා දැම්මෙ ෆෝන් එක.
මේ කටු පොල් ගසුත් එක අතකට මේ සමාජය වගේ...කටුපොල් ගහක් හිටෙව්වම ඒක හරි ලස්සනට පොලොවෙ තියෙන සේරම සාරය උරා ගන්නව...සමාජෙත් එහෙමයි...අවුරුදු තුන හතරෙ දරුවා කියන්නෙම පෙරාපු රත්තරම් වගේ අතිශය පවිත්ර හිතක් තියෙන අය...ඒත් මේ සමාජෙ ඒ දරුවගෙ හිතට වෛරය , ක්රෝධය , ඊර්ශ්යාව , මාන්නය පොඩ්ඩ පොඩ්ඩ දාන ගමන්...අර ලමා හිතේ තිබුනු ආදරය , කරුනාව , සමානාත්මතාවය වගේ සාරයන් උරාගන්නවා...අන්තිමට පිලිකාකාරක ෆාම් ඔයිල් වගේම අනෙකාට අපහාස කරන , මිනීම්ව්රන , හොර්ව්කම් කරන , අම්මා තාත්තට ගහන සක්කිලි හැත්තක් එලිබහිනව.
මම දැකපු වැදගත්ම දෙයක් කියන්නම්.
ලන්කාවෙ දරුවෙක්ගෙ පිටකොන්ද මුලින්ම කඩන වධකාගාරෙ තමා පාසල...පෞරුශයට පහර ගහන පලවෙනිම තැන පාසල...කොන්ඩ , රැවුල් , කලිසම් කකුල් , නියපොතු , සුදු ගවුම් මෙකී නොකී දාහක් හේතු හදන් දරුවව මානසිකව වට්ටනවා.මම ස්කූල් යන කාලෙ මට මතකයි මම මාරම බයෙන් තමා ස්කූල් එකට අඩිය තියන්නෙ...පුලුවන් උපරිමෙන් හොඳම විදිහට රෙඩි වෙලා යන්නෙ...ඒත් බයයි...මොන හේතුවට කොන්ඩෙ කපාවිද , කලිසම් කකුල බ්කේඩ් එකෙන් පලාවිද දන්නෙ නෑ...