ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ ,
ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ ,
ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ ,එත්තාවචාච අම්හේහි- සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු -සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්හි සිද්ධියා.....මිට දහතුන් අවුරුද්දකට එහා පැත්තෙන් බොහෝ පීඩිත ජීවිකාවක් ගෙවලා පුන්චි වයසෙන් අකාළයෙ අප අතරින් වෙන් වන්නට යෙදුණ අපගෙ ශේෂාද් පුතණුවන්ගෙ ආදරනීය ඉන්දුනි රත්නායක මෑණියන් වෙනුවෙන්.... අවුරුද්දක් පතා සිදු කරනු ලබන මෙ ධානමය පින් කම......................
දැන් නම් ඔයා කොහෙම හරි උප්පතියකට උරුමකම් කියල ඇති නේද මගෙ අම්මා.... අහිතක් නෑ මාව තනි කරාට.... අදටත් උඹට අනේක වාරයක් පින් මාව මෙ ලෝකෙට ගෙනාවට.... ඒත් මට සමාවෙයන් අම්මේ.. හතර වරිගෙම නිවන් යවන්න රේවත හාමුදුරුවෝන්ට වගේ උතුම් චීවරයක් දරන්න තරම් මගෙ හිත හයිය නැ අම්මෙ... එහෙම හයියක් තිබ්බ නම් අද උබත් නිවන් ගිහින්.... ඒත් තවමත් ලෞකික සැප ඉස්සරහ පිටදි හෙල්ලෙන හිතක් එක්ක කොහොම නම් කසාවතක් දරන් ඉස්සරහට යන්නද... උතුම් කසාවතට බිදුවක අගෞරවයක් කරනවට වඩා.... උබ එක්කම වැලලිය ගියපු උබෙ හීනෙට පණ දෙන එකට මගෙ හිත එකම පයින් කැමති වෙලා හමාරයි....
"උපේධ එහෙනම් ගුණදාස මාමා එක්කලා බුද්ධ පූජාව අස් කරල එන්ඩකො...."
"එහෙමයි අපෙ හාමුදුරුවනෙ එහෙමයි..."
ශේෂාද් උපේධව රත්නායක
උපත - 2008 . 10 . 5
YOU ARE READING
ශාශ්වත ʸⁱᶻʰᵃⁿ (Ongoing)
Romanceඇස් වලින් මුමුනන්න දන්නෙ ගෑනු විතරක් කිවට උබගෙ තරම් කතා කරන ඇස් දෙකක් මට හම්බෙලාම නැ.... හම්බෙන එක්කුත් නැති වෙයිද මම දන්නෙ නැ..