පහළොස්වන දිගහැරුම~

160 16 4
                                    

පාර දිගේ එහාට මෙහාට යන බස් දිහා මම ඔහේ බලන් ඉන්නවා,සමහරවිට ජීවිතේ එකම එක හීනයක් විතරක්ද කියලා හිතෙනවා?? බැරිවෙලාවත් අපි හැමෝම ඉන්නේ මේ හීනෙක නම්?? අපි ඇහැරුනොත් ඒ හීනෙන්??

හිතන්න ඕනි නැති අඳුරු පැතිකඩක් මේ ලෝකේ තියෙනවා,අපි මේ කුරුලු උද්‍යානයට යනගමන්~ ඉස්කෝලෙන් තමයි ඉතින් එක්කන් යන්නේ ජෝග්‍රොපි කරන හැම කොල්ලම මේ බස් එකේ නැගලා ඉන්නේ ඉතින් දැන්,මට එහා පැත්තේ ඉන්න අදිත් නිදිකිරාවැටෙන දිහා බලන් ඉන්නකොට සිරාවටම මටත් නිදිමතක් ලෝඩ් වීගෙන එන්නේ දැන්!!

කුරුලු උද්‍යානයට යන්නේ බන් අපි සමනල්ලු එකතුකරගන්න~

අපි පරිසර දිනය දවසට ඉස්කොලේ පොඩි ප්‍රදර්ශනයක් තියෙනවා.පොඩි කීවට ඉතින් ඕක කොහොමත් ලොකුවටම යනවා,කොහොමත් අපිට තමයි ඕකේ වැදගත්ම කොටස පැවරෙන්නේ,මොකද ඉතින් බන් අපේ ජෝග්‍රොපි මිස් තමයි ප්‍රින්සිපල් සර්ගේ දකුණු අත,ඉස්කොලේ නම උඩටම ගෙනියන්න මාර නැහිල්ලක් මිස් නහින්නේ!!

මිස්ට ලමයිනුත් නැති නිසා ඉතින් කොහොමත් ඉස්කොලේ ආතල්ම මිනිස්සු අපි තමයි,දවස් තුන හතර ට්‍රිප් යනවා අපි,හැබැයි ඉතින් ඔය කීවට රවීන් පගයත් බලහත්කාරකම් කරලා ඕවට එන එක වෙන දෙයක්!!

කොහොමහරි පැය බාගෙකින් විතර අදාල තැනට ඇවිල්ලා අපි වෙන්කරපු සමනල්ලුන්ගෙන් අවශ්‍ය අය අපි අල්ලගත්තා,සමනල්ලු ඉතින් ඇල්ලුවේ නම් අපි නෙවෙයි ඒකේ හිටපු අය තමයි ඉතින්~

දැන් උබලා බලනවා ඇති උන් පියාබලා යන්නේ නැද්ද කියලා,ඒක ඉතින් ඉස්සරහට බලාගන්නකෝ,කොහොමත් අපි ඇටිහැලෙන්න වැඩේ දෙන්න යන්නේ!!

සමනල්ලු දැල් දාපු භාජන වලට දාලා තමයි අපිට දුන්නේ නැත්තම් පැනලා යනවනේ බන් ඉතින්~

"ආයුක්...මේ උබලගේ ගෙදරින් කේස් නෑ නේද??"

"මොකටද බන්??"

"නෑ ඉතින් උබ ළමිස්සී කියලනේ උබේ ග්‍රැනී හිතන් ඉන්නේ!"

ඇත්ත තමයි මූ කියන්නෙත් ඉතින් මම හිනා උනා ඇරෙන්න මොකුත් කීවේ නෑ,අපේ ග්‍රැනී කොහොමත් මට කේස් කියලා මම දන්නවා දැන් ඉතින් මට තියෙන්නේ ඒ හැමදේම් මැනේජ් කරගෙන ඉස්සරහට යන එක,කොහොමත් අන්කල් නැති උනත් හරි ග්‍රෑනී තමයි ගොඩක් රන් කරන්න ගත්තේ,ඇරත් ග්‍රැනී ඒ කාලේ ඉදලම තද කෙනෙක්නේ!!

You've reached the end of published parts.

⏰ Last updated: Sep 20 ⏰

Add this story to your Library to get notified about new parts!

කාළස්වේත Where stories live. Discover now