පළමුවන තුහිනය

353 26 4
                                    

සියලු දෙනාටම තෙරුවන් සරණයි...

දවසෙ අහන්නම ආස වාක්‍ය අහගෙන අපි අලුත් ප්‍රින්සිපල්ගෙ නීතියට අනුව දෙන්නා දෙන්නා පේලි හැදිලා මේ යන්නෙ ප්‍රධාන ගේට්ටුව ලගට... අද තමයි සිකුරාදා .. ඉස්කෝලේ යන හැම ළමයෙක්ම පෙරුම් පුරන දවස.. සතියක් ආරම්භ වෙද්දි දින ගනින්නෙ සිකුරාදා දවස වෙනකන්..මොකද සති අන්තයේ නිවාඩුව ගන්න.. .

ඒ උනාට දහතුන ශ්‍රේණියේ වාණිජ අංශයේ ඉන්න .. ඒලෙවල් එක්සෑම් එකට දිනත් නියම කරලා දීලා තියන අපේ බැජ් එකේ අයට නම් ඒක අදාල නෑ..

ඒ කොහොම උනත් සතියෙ දවස් හතෙන් හයක්ම පන්ති යන මට නිවාඩුවක් කියලා එන්නෙ සෙනසුරාදා විතරයි ...

ශිෂ්‍ය තොරතුරු පත්‍රිකාව බාර දීලා ඉස්කෝලේ යන්න ආවෙත් මම අද කාලෙකින්.. රිවිශන් කියයි තියරි කියයි මයින්ඩ් මැප් කියයි..ඔය වගේ අමතර පන්ති හැටහුට හමාරක් ඉවර කරලා එක පන්තියක් කට් කරගෙන ඉස්කෝලෙටත් ඇවිල්ලා කොල්ලා දැන් මේ ලේස්ති වෙන්නෙ ගෙදර යන්න...

කාගෙත් මල්ලි කොත්තමල්ලි වගේ කොටපොල ගල්දොල වරල්ල පැත්තෙ ඉදන් එන සෙට් එක කොච්චර සෙනග පිරුණත් එල්ලෙන දයා එකේම එල්ලිලා කොහොමහරි කොටපොලින් සමගි එකට සෙට් වෙන්න මාත් මේ දුවන්න හදන්නෙ..

ඒත් කොහෙද .. නව පාසල් වාරයේ නව වසරට අපේ ඉස්කෝලෙට ආපු අලුත් ප්‍රින්සිපල් ගෙ පෞලෙ අයටම හොදක් වෙන්න අපි මේ දෙන්නා දෙන්නා හැදිලා ගාටනවා වරුවක්..

පෝලිමේ ඉන්න ගමන් මගේ විස්තර ටිකක් දැනගමුකෝ ඉතින්..

මම තුහින මිතුසර වීරකෝන්...
දෙනියාය මධ්‍ය විද්‍යාලයේ දහතුන ශ්‍රේණියේ 13C1 වෙච්ච මේ ළමයි තමයි මුලු ඉස්කෝලෙම නම කැත කරන්නෙ කියන පන්තියේ ක්‍රියාකාරී ශිෂ්‍යයෙක්....

ඒත් දැන්නම් එක්සෑම් ස්ට්‍රෙස් එකයි පන්ති කරදරෙයි එක්ක ඉස්කෝලේ යන්නෙත් අඩුවෙන්.. ඒක දහතුන වසරෙ ඉන්න හැම ළමයෙක්ටම පොදු කාරණාවක්නෙ ඉතින් ..
................

කොහොමින් කොහොම හරි දයා එකෙත් යන්තම් නූලෙන් එල්ලිලා..කොන්ද කඩාගන්නෙ නැතුව බේරිලා විජේගම හංදියේ බැහැලා මන් මේ ඉන්නෙ දැන් අපේ ගෙදර ගේට්ටුව ඉස්සරහා..

තුහින ||° (ON HOLD)Where stories live. Discover now