"කිව්වම තේරෙන්නෙ නැද්ද තුහින.. වැඩිහිටියන්ගෙ දේවල් ඔයාට අදාල නෑ..යනවා කාමරේට .."
...........................................................................
මගෙ ඇස් ලොකු උනා.. ඊට වඩා වේගෙන් ලොකු කදුලු කැට දෙකක් ඇවිත් ඇස් දෙකෙන් පහලට නොවැටී බේරුනා...
එයා කවදාවත් එහෙම කෑ ගහලා නෑ මට.. ඇයි එයා එහෙම.. ඔයා වෙනස් වෙලා සුදූ..
එයා දැක්කා මගෙ ඇස් දෙකේ කදුලු පිරෙනවා.. එතකොට එයා ගැස්සිලා ගියා.."ස්..සුදු බබා..."
තව එක මොහොතක්වත් එතන නොයිද මන් දුවගෙන ඇවිත් කාමරේ දොර වහගත්තා...එහෙමම පිට දොරට හේත්තු කරගෙන අර නොවැටී තියාගත්තු කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දුන්නා..
ඒක ගොඩක් රිදෙනව සුදූ..
ඔයා අද මට කෑ ගැහුව එකටත් වඩා.. කෑ ගහපු හේතුව මතක් වෙනකොට මාව පිච්චෙනවා සුදූ.. ඒක එහෙම නෑ නේද.. ඔයා දැනටම ඔය විදියට නම් හැසිරෙන්නෙ .. ඔය කියන කෙනාව කවදහරි ඔයාට අයිති වුන දවසට ඔයා අද හිටියටත් වඩා වෙනස් වෙයි නේද..
මම මගේ දකුණු අතින් වම් පැත්තම හයියෙන් අල්ලගත්තා... මිරිකගත්තා..
පපුව රිදෙනවා.කවදාවත් නැති විදියට..
මට මතකයි අපේ ආච්චි අම්මා කියනවා.. දැනෙන තරමට බැදෙනවලු බැදෙන තරමට රිදෙනවලු..
ඉතින් ඒ කතාවේ ඇත්තම තේරුම තේරෙන්නෙ දැන් තමයි.. ඒත් මම කියලා මොනව කරන්නද.. මම කෙල්ලෙක් උනා නම් අඩුම පොඩි හරි බුරුලක් තියෙන්න තිබ්බා ඒත් එහෙමත් නොවී තියනකොට කොහෙන් කියලා මම මේවට විසදුම් හොයන්නද..
"සුදු බබා..මේ දොර අරින්න පැටියෝ.. සොරි රත්තරන් සුදූට කේන්ති ගියානේ "
දැන් විනාඩි පහලවක විතර ඉදන් සුදූ දොරට තට්ටු කරනවා.. ඒත් මම නෙමේ දොර ඇරියේ. මන් දන්නවා මමයි වැරදි . මොකද සුදූ දන්නවා කියලද මගේ හිතේ තියන දේවල් . එහෙම එකේ තාත්තෙක් දරුවෙක් ගැන තියන හැගීමක් සුදූට මන් වෙනුවෙන් තියනකොට අරම කෑ ගහපු එක හරි.. සීයට සීයක්ම.. ඒත් මට තව තාත්තෙක් ඕන නෑ සුදූ.. අනේ මට රිදෙනවා සුදූ.. ඇයි දෙයියනේ මට බැරි ඔයාගෙ වෙන්නෙ.. ඇයි මටම මෙහෙම වෙන්නෙ ...
YOU ARE READING
තුහින ||° (ON HOLD)
Short Storyසිහිනයක තනි වූ තුහිනයක සේයාව... උබ මට මගේ දරුවෙක් වගේ... මම තමුන්ගෙ දරුවෙක් නෙමේ පැහැසර..