Chapter 04

394 37 11
                                    

කලින් දවසේ නොහිතපු විදියට අභි අයියා එක්ක සෑහෙන්න වෙලාවක් හිටපු නිසා මගේ හිත ආයෙත් ගැස්සෙන්න පටන් අරන් තිබුනා. ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕන නැති නිසා මම හිතට තරවටු කරගත්තා. පහුවදා මම ඉස්කෝලේ ගිහින් අභි අයියා ගැන ටිකක් ටච් එකේ හිටියා.

"උබ මොකෝ ගෑනී මැරිච්ච මිනිහා වගෙ ඉන්නේ?"

ලක්කා මූණ එල්ලන් ඉන්නවා දැකලා මම ඇහුවේ මණ්ඩලේ ප්‍රශ්නයක්දෝ කියලා.

"නෑ බං. නිලුපුල් අයියා අවුලක් නෑ. මම මේ බයේ ඉන්නේ උබ ගැන"

"මම ගැන?"

"ඔව් යකෝ. උබයි අභී අයියයි ගැන"

"බට් වයි?"

"නෑ බං ඒක මෙහෙමයි. දැන් වැරදිලාවත් අර මහ පගයා මහ පගීගෙන් බ්‍රේකප් උනොත් ඒකෙ ඩිරෙක්ට් ඉෆෙක්ට් එක එන්නේ උබර්ටනේ. හා නැද්ද? උබ එතකොට හිතනවා උබට චාන්ස් එකක් තියනවා කියලා. ඊට පස්සෙ උබ ඒක මත්තේ නැහෙනවා. හදිස්සියෙවත් මොකක් හරි වෙලා සීන්කෝන් එක ගැස්සුනොත් උබ පිස්සෙක් වෙයි බං. මට බයයි බං උබ ගැන"

ලක්කා එහෙම කියද්දි මට ඌ ගැන මහ පුදුම ලෙන්ගතුකමක් දැනුනා. ඌ නං මගේකා... එයා කියන දේ ඇත්ත. ඊයෙ කතා කරපු පැය ගානට උනත් මගේ හිත මෙව්වා වෙලා තියන්නේ කියල මට ම දැනෙනවා. මම නිතරම ට්‍රයි කරනවා මගේ හිත පාලනය කරගන්න.

"මෙහෙමයි බං. දැන් ඔය සිද්දිය නිසා මගෙ හිත ඇත්තටම ටිකක් ගැස්සිලා තියන්නෙ. ඒත් මම ට්‍රයි කරනව උබ කියපු විදියට හිත පාලනය කරන්න. එයා බ්‍රේකප් උනොත් ටික කාලෙකින් මම එයාට ලංවෙන්න ට්‍රයි කරනවා. ඒක හරියන්නෑ වගෙ කියල දැනුනොත් සිතින් විතරක් පෙම් කරන්නං දුරින් හිද නුබ දෙස බලන්නං සීන් එකේ ඉන්නවා බං. මම දන්නෑ මම ඒ කරන වැඩේ වැරදිද නැද්ද කියල. ඒත් මට හිතෙනවා එක පාරක් උත්සහ කරල බලන්න"

"මූද හත් ගව්වක් තියල අමුඩෙ ගහන්න බෑනේ සුද්දා. අපි ඒක වෙලාව ආවම බලමු. මට සතුටුයි උබ ඉස්සර වගෙ නැහීගෙන මැරීගෙන නොඉන්න නිසා."

අපි දෙන්නා ස්විමින් පූල් එක ගාව වාඩිවෙලා ඕප දුප ටිකක් කතා කරකර හිටියා. අපේ ඉස්කොලේ ස්විමින් පූල් එක ලග වාඩි උනාම එතන තාප්පයක් නැති නිසා පාර පේනවා. අපිට කෙලින්ම පේන්නේ ජපුර ටෙක් එකේ හොස්ටල් එක එක්ක දඩාර පොල් වත්තක්. අපි දෙන්නා ඕපදුප ටිකක් හොයන්න ඕන උනාම ඔතන්ට ඇවිත් පොල් වත්ත දිහයි අර ජපුරේ හොස්ටල් එක දිහයි බලන් ඉන්නවා . අදත් සුපුරුදු රාජකාරිය කරද්දි මේ මොට්ට සිමයියා මගේ කොන්ද ලෙප්ට් වෙන්න පාරක් ගැහුවා.

Aster Monarch Where stories live. Discover now