Chapter 45

112 13 0
                                    


"මේ බල්ලෝ අර බලපන්. අන්න අරු ගැන කීවේ මං"

"කෝ බං?"

"අර බන් අර ඉන්නේ අනුරුද්ධිකා මිස් එක්ක කතා කරකර"

"පගෝ මම ඌව දන්නවනේ. ඌ මාත් එක්ක පරිසර නියමු වලදි එකට හිටියේ"

"උගේ අප්පට හික්කඩු යන්න යකෝ ඌ තමා මේ දවස් තුනේම තෝ දිහා බැල්ම දාන් ඉදියේ"

"අදුරන නිසා වෙන්නැති බන්. මට එච්චර නෝට් උන්නැ එයාව "

"අන්න බලපන් ආයෙ බැලුවා. ආආආ අහක බලාගත්තා"

"අනේ බන් තෝ දැන් ඒකා දිහා බල බල අවධානේ ගන්නැතිව වර මේවා බලලා ක්ලාස් එකට යන්න"

"මට හිතෙන්නේම ඌ උබට ලයින් කියලා පගයෝ"

"අනේ හූ ක්නොව්ස් සිරිමලෝ. ඌ මගේ ෆිට් එකක් ඉතින්. වැඩිය මීට් උනේ නෑ මීට කලින්. ඌ ඒලෙවල්ස් වලට ආවයින් පස්සේ ක්ලබ් එකෙන් අයින් උනානේ"

"යැයි යැයි තමා. ඒ උනාට උබට ඌව මැචින් ඈ. අර බලපන්කො ම්ම්ම්..."

"වරෙන් යන්න. තොටත් මොකෙක් හරි"

මුගේ සක්කිලි කට ඇවිස්සෙන්න කලින් මම සිරිමල්ව ඇදන් එක්සිබිශන් එක බලලා ක්ලාස් එකට යන අතරමගදි කව්දෝ කෙනෙක් අපේ පිටිපස්සෙන් ඇවිත් මගේ උරහිසට තට්ටු කලා. මම පිටිපස්ස හැරිල බලද්දි තමා දැක්කේ ඒ නිලුපුල් අයියා කියලා. දෙයියනේ කියලා කතා කරගත්ත විදියට මූ දෙබස් ටික හැසිරෙව්වොත් තමා හොද.

"ලක්මුතු මල්ලි.... කාලෙකින්නේ"

"හම්මට අයියා බොසා"

"කොහොමද ජිවිතේ.. අවුරුදු එකහමාරකින් දෙකකින් වගේ"

"ඒකනේ. බොසා ක්ලබ් එකෙන් අයින් උනත් හරි කතාබහ කරන්නත් බැරි උනා"

"අනේද කියන්නේ. කවුද මේ ඔයාගේ යාලුවාද? අර නිතරම ක්ලබ් එකේ වැඩ අතරේ මාත් එක්ක කියවන"

"හෙහ් හේ... ඔව්ඔව් එයා තමා. ශ්‍රිමල්. සිරිමලෝ මේ නිලුපුල් අයියා. "

"නයිස් ටූ මාට්ටු අයියේ"

"එසේය එසේය මල්ලි... මම ලක්මුතුව මේ ටිකේම දැක්කා එක්සිබිශන් එක බලන්න ඇවිත් ඉන්නවා. කොහෙද ඉතින් ස්ටෝල් වල වැඩත් එක්ක කතා කරන්නත් බැරි උනා. මම ඔයාව හොයද්දි ඔයා මිසින්"

Aster Monarch Tempat cerita menjadi hidup. Temukan sekarang