Chapter 29

132 14 2
                                    

එදා සිද්ධියෙන් පස්සේ මං මේ කියන්නේ අර අපේ ගෝතරැල ඩිනර් එකට ඇවිල්ලා යන වෙලේ මමයි ලක්කයි අපේ පරම පිවිතුරු ප්‍රේමයන් හග් කරපු සීන් එක අපේ ඩැඩා දැකපු දවසෙ ඉදන් බියෙන් සැකයෙක් ගෙවු කාලය අවසන් කියලා සති දෙකක් විතර සාමකාමි ව ගෙවා ගත්තා. ඔය අතරේ ඉතින් ඉස්කෝලේ නං මං ගියාට අපත පැටියා වගේ පීරියඩ් කට් කර කර ලග ලග එන මියුසික් ඩේ එකට අම්මටසිරි වෙලා තාත්තට වෙරි වෙන සයිස් එකෙන් ප්‍රැක්ටිස් කර කර තමා හිටියේ. වෙන්ඩ බෝයිපෙන් නං හෙන සීන් එකේ ප්‍රැක්ටිස් කරවනවා. අම්මෝ ඉතින් කෙල්ලෝ ටික උවමනාවෙන්ම වරද්දනවා ප්ලේ කරද්දි. ඇයි ඉතින් අයියා ලගට ගිහින් කියලා දෙනවනේ. දෙන්ඩ හිතයි මේ අලුත් තේ උඩිච්චියෝ ටිකට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න. කොහෙද මේ සඳනිකා මිසුත් ලොකු අය ගත්තේ නැනේ පොඩි උන් ටිකක් දාගෙන මේ පාර හුත්ත. එකියක් හරි වරෙන්කෝ ලයින් දාගෙන බාවනවා එකාගානේ මම. දැන් මම දවස් කීපෙක ඉදන් බලාගෙන හිටියේ මේ නවේ දහේ පොඩි ඇටයොන්ගේ සොකරි කෝලන් ටික. කොහෙද මේ අපේ ගෝතපම්කයත් යනවනේ ඒවට අහුවෙන්න. මුට මං දාන මායම් වලට තමා අහුවෙන්න බැරි. අපි මේවා පස්සේ බලාගමු සුදු මහත්තයා රයිට්!!! ආහ්.. ඔය මතක් කරනකොටම එන්නේ ලගට....

"ශ්‍රී බබා"

"යකෝ අයියේ... ලමයින්ට ඇහෙයි"

"ඇහෙනවා මේක"

ආආ....යසයි උස පගයා දික්කොරලා පෙන්නුවා නේද මැද ඇගිලි දෙක. තරමට නෙවෙයි මුගේ වැඩ

"ඔය දෙක ගහ ගන්~"

"කට වහනවා වනචර පොඩි එකා"

"තමුසෙට එක එක එව්වා දික් කරන්න හොදයි. අපි මෙතන කිව්වාම තමා වැරදි. යකෝ කැම්රි තියරිනේ මේවා"

"සටාප්...."

"වුබර්ට බෑ අයියේ මගේ කට වහන්න"

"මට බැරි උනාට කට වහන්න පුලුවන් කෙනා අන්න ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා "

ඒත් එක්කම මම බැලුවේ කෞද මේ කියලා. අම්මටසිරි පොර මට පෙන්නුවේ මියුසික් රූම් එක ඉස්සරහ තියන ගහ වට කරලා බැදපු පොඩි හතරැස් බැම්ම උඩ ලෑලී පුප තියන් වාඩි වෙලා ඉන්න ලක්කව. දෙයියනේ මේ පෞකාරයා වෙනුවෙන් කොච්චර වෙලා අර ලෑලී පුප තියන් බැම්ම රත් කලාද දන්නැ.

Aster Monarch Donde viven las historias. Descúbrelo ahora