🔥 පළමු අග්නිය 🔥

112 2 1
                                    


රාජ උද්‍යානයේ වූ ඕවිල්ලක හිඳ සිටියේ එක් සුරූපී සිත් වශී කරගන්නා සුළු බැල්මකින් හෙබි රජ කුමරියකි. නමුදු ඇගේ ඒ ඉත් වසඟ කර ගන්නා සුළු බැල්ම ඒ මොහොතේ නම් දෙනෙතේ රැඳී නො තිබිණි. ඇගේ දෙනෙතෙහි වූයේ ඒ මොහොතේ ඇගේ ඉදිරියට පැමිණෙන ඕනෑ ම පුද්ගලයෙකු දවා භෂ්ම කළ හැකි ආකාරයේ බැල්මකි. ඇගේ දෙතොල් තරයේ පියවී තිබූයේ කෝපයෙන් වියරු වැටීමට ආසන්න වූවෙකුගේ මෙනි. ඇගේ මුහුණින් රාජ තේජස පෙන්නුම් කළ අතර ඒ කෝපාන්විත බැල්ම එම රාජ තේජස අඩු කළා නො ව තව දුරටත් දෙගුණ තෙගුණ කළේ ය.

ඇයගේ කාල වර්ණ ඝන කේෂ කලාපය ඇගේ උර මතින් ඉදිරියට වී තිබුණ ද එය පිළිබඳ සිතීමට තරම් කාලයක් ඇයට නො වීය. ඇගේ දෙපා ඇය නොයෙක් විට සොළවමින් ඕවිල්ල මතින් නැගිටිමින් හා නැවත අසුන් ගනිමින් ආයසයෙන් තම කෝපය පාලනය කිරීමට වෙර දැරුවා ය. නමුත් අවසානයේ දී ඇය තම කෝපය පාලනය කරගත නො හැකි ව උද්‍යානයේ අලංකාරය සඳහා අසල තිබූ මල් බඳුනක් තම පාදයෙන් පෙරළා දැමුවා ය. එය කැබලිවලට කැඩී සුණු විසුණු විය. එම ශබ්දයෙන් එතැනට සේවිකාවක් දිව ආවා ය.

" රජ කුමරිය බ්‍රිනාල්! නුඹ කුමක් ද කරනුයේ!!! නුඹ තම කෝපය පාලනය කර නො ගත හොත් මහත් ව්‍යසනයක් සිදුවේවි... "

තම කෝපය පාලනය කරගත් බවක් හැඟවූ ඇය නැවත අසුන් ගත්තා ය.

" නුඹගේ කීම නිවැරදියි. කෝප වූවා කියා කිසිවක් නො විසඳෙනු ඇත. මා සැලසුම් සකස් කළ යුතුයි. කෞෂිකා... නුඹ ගොස් වහා ම පවසනු මා නැවත ආයුධ පිළිසකර කිරීමට අණ කළ වග!!! "

රාජකුමරිය බ්‍රිනාල් අසුනෙන් නැඟිටිමින් රාජ සභාව රැස් කිරීම පිණිස පිටත් වූවා ය. ඇගේ අණ දැනුම් දීමට කෞෂිකා ද වහ වහා දිව ගියා ය.

කෞෂිකා යනු රජ කුමරිය බ්‍රිනාල්ගේ සමීපතම මිතුරියයි. ඇය සේවිකාවක් වුව ද ඔවුන් දෙදෙනා අතර කුඩා කළ සිට ම වූයේ සහෝදර ප්‍රේමයකි. රජ කුමරිය තම සිත තුළ වූ ගැටළු සියල්ලක් ම පැවසූවේ කෞෂිකා හට ය. එය එතරම් ම දැඩි මිතුරුකමකි. නමුත් ඇතැමුන් නම් එය අනුමත කළේ නැත. මන් ද සේවිකාවක් සමඟ මිතුරුදම් පැවැත්වීම තම තත්ත්වය පහත් කරගැනීමක් ලෙස ඔවුන් සැළකූ බැවිනි.

බ්‍රිනාල් කුමරිය සෙමෙන් සෙමෙන් රාජ සභාව වෙත පියමැන්නා ය. මෙම රාජ්‍යයේ නව අධිරාජිනිය ලෙස ඇගේ නාමය ඝෝෂය කොට ඇති බව ඇයට සිතිණි. මන් ද යත් තවත් සොහොයුරන් රාජ්‍යට උරුමකම් කීව ද ඔවුන් ඇයට වඩා ලාබාල වූ බැවිනි. ජ්‍යෙෂ්ඨයා වූ ඇය හට කිරුළු පැළඳවීම කඩිනමින් සිදුවනු ඇත.

ඇය සිතූ පරිද්දෙන් ම නව අධිරාජිණිය ලෙස ඇගේ නාමය ඝෝෂය කොට තිබිණි. නමුත් රාජභිශේකය උත්සවශ්‍රීයෙන් සිදු කිරීමට කිසිවෙකු හටත් උවමනාවක් නො වීය. එම ශෝකජනක පරාජය හමුවේ කිසිදු උත්සවයක් නො පවත්වා රාජාභිශේකය සිදු කෙරිණි.

අනාගත අධිරාජිණියගේ කිරුළ රැගෙන එනු ලැබිණි. එය ආචාර්‍ය ඉන්ද්‍ර දේව විසින් බ්‍රිනාල් කුමරිය හට පළඳවනු ලැබීය. උත්සවයක් නො තිබුණ ද සියල්ලෝ ම ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.

" අධිරාජිණී බ්‍රිනාල් කුමරියට...... ජයවේවා!!!

අධිරාජිණී බ්‍රිනාල් කුමරියට...... ජයවේවා!!!

අධිරාජිණී බ්‍රිනාල් කුමරියට...... ජයවේවා!!! "

බ්‍රිනාල් තම හස්තය ඔසවා ඔවුන් නිශ්ශබ්ද කළා ය.

" මම මේ රාජ්‍යය පාලනය සතුටින් භාර ගනිමි. මෙය සංවර්ධනය කර දැවැන්ත රාජ්‍යයක් ගොඩ නගනු ඇති... අප රාජ්‍යය මෙසේ කොල්ල කා පලා ගිය මාණිඛේට රජු හට මා නැහැ ක්ෂ්මාව දෙනුයේ... මා ඔහුගෙන් මාගේ පියාණන්ගේ ඝාතනයේ පලිය ගනු ඇති... මා නැහැ ඔවුනට යහතින් සිටීමට දෙනුයේ... මා පොරොන්දු වනවා අප රාජ්‍යයේ අධිරාජ මහේන්ද්‍රයන්ගේ ඝාතකයන් හට නිසි දඬුවම් ලබා දෙන බවට... "

ඇය ගොසින් සිහසුනේ අසුන් ගත්තා ය. ඇය හට රාජ්‍ය පාලනය එතරම් අපහසු නො වීය. ඇය ද රජ කුමාරවරුන් සේම රාජ්‍ය පාලනය හදාරා තිබිණි. එය මෙතැන් සිට කටයුතු සඳහා ඉවහල් වූයේ ය.

රාජ සභාවේ වැඩ කටයුතු නිම කළ ඇය තම කුටියේ සයනය මත වැතිර සිතින් සැළසුම් සකසන්නට වූවා ය. ඒ අතරතුර ඇගේ සිත එම අමිහිරි මතකයන් කරා දිව යන්නට වූයේ ය.


පසුවට....

අග්නි අසිපතHikayelerin yaşadığı yer. Şimdi keşfedin