🔥 තෙවන අග්නිය 🔥

12 2 1
                                    

මේ වන විටත් බ්‍රිනාල් සේනා සංවිධානය සඳහා පිටත් ව යමින් සිටියා ය. ඒ අතරතුර ඇය රාජ සභාවට රැස් වූ රාජකීයන් හට සාකච්ඡා කුටිය වෙත රැස්වන ලෙස දැනුම් දුන්නා ය. ඇය පැමිණෙන  විටත් බොහෝ දෙනා එහි රැස් ව සිටියහ.

ඇගේ මෙම ක්‍රියාවෙන් වඩාත් වික්ශිප්ත භාවයට පත් වූයේ ඇගේ මෑණියන් මෙන් ම අගමෙහෙසිය වූ ශාන්ද්‍රී දේවියයි. ඇය සිතා සිටි අයුරින් ම බ්‍රිනාල් ඔවුන්ට එරෙහි ව යුධ ප්‍රකාශ කිරීමට සැරසෙන බව ඇයට ප්‍රත්‍යක්ෂ වූවා ය.

නියෝගයට අනුකූල ව රැස් වූ සියල්ලන් හට ම මාණිඛේටයේ සිතියමක් අසළ කල්පනාභරිත ව සිටගෙන සිටි බ්‍රිනාල් කුමරිය ව දැකගැනීමට හැකි විය.

" මේ තිබෙන්නේ මාණිඛේටය හා ඒ අවට අනුරුවකි. අප පළමු ව එක් සේනාවක් ලෙස ගොස් මෙම සීමා නදී තෙර අසළ දී කොටස් සතරකට බෙදිය යුතු ය. ඉන් පසු සතර දොරටු වටකොට එක්වර ද්වාර බිඳ හෙළිය යුතු ය. ඉන් පසු අභ්‍යන්තරය ආක්‍රමණය කළයුතු වේ. නමුත් මා නම් කරන කොටස් ද්වාරය අසළ රැඳෙමින් මුර කරමින් පලායන්නන් වෙතොත් ග්‍රහණයට නතු කර ගත යුතු යි.  මෙයට විරුද්ධ කවුරුන් හෝ සිටී ද ??? "

කිසිවෙකුත් එයට විරුද්ධ නො වූ අතර සියල්ලන්ගේ අනුමැතිය එයට හිමි විය. අනතුරු ව තවත් වැදගත් වූ දැනුම්දීම් කිහිපයක් දන්වා සියල්ලන්ව ම විසිර යවන ලදී. බ්‍රිනාල් එයින් පසුව ඉක්මන් ගමනින් පිට ව ගියේ සේනාවට ඇවැසි උපදෙස් ලබා දීම සඳහායි. ආයුධ පිළිසකර කරන අයුරු පරීක්ෂා කළ ඇය අනතුරු ව කණ්ඩායම් සැකසුවා ය.

" මේ සියල්ල සතරකට බෙදිය යුතුයි. මා නම් කරනා සෙන්පතීන් මෙහි පෙරමුණ ගනු ඇති... මොවුන් දොරටු මුර කරන්න... දුනුවායන් කිහිප දෙනෙක් ද ඇවැසි වනු ඇත... "

අවශ්‍ය උපදෙස් යුහුසුළු ව ලබා දුන් ඇය ඔවුන්ගේ දක්ශතා ද පරීක්ෂාකර බැළුවේ සේනාව තුලට යොමු කරවා ගැනීමට ප්‍රථමවයි.

දින දෙකකින් පිට ව යාම සැළසුම් කළ ඇය අද දිනය පුහුණුවීම් සඳහා ලබා දුන්නා ය. හෙට දිනය විවේකයක් ලබා දුන්නේ යාමට ඇති ගමනේ ඇති දුෂ්කරතාවය නිසාම ය. එය නැවත ජීවග්‍රහයෙන් පැමිණීම පෙර සිට ම කිව නො හැකි ගමනකි.











පසුවට....

අග්නි අසිපතHikayelerin yaşadığı yer. Şimdi keşfedin