ඒ වන විට රජ කුමරිය බ්රිනාල් සිටියේ කඩු සටන් පුහුණුවීම් අතරතුරයි. එකිනෙහි ම බියෙන් තැතිගත් කෞෂිකා එතැනට දිව ආවා ය.
" රජ කුමරියනි... ආක්‍රමණයක්!!! "
" කුමක්!!! ආක්‍රමණයක්!!! කොහි ද??? දැන් ඔවුන් කොහි ද??? "
බ්රිනාල් මහත් කලබලයෙන් කෞෂිකාගේ දෙවුරින් අල්ලා සොළවන්නට වූවා ය.
කෞෂිකා බියෙන් තැතිගෙන කතා කරන්නට වූවා ය.
" ඔවුන් ප්‍රධාන ද්වාරය අසලයි. අධිරජ මහේන්ද්‍රයන් ඔවුන් පාලනය කිරීමට වෙර දරනවා කුමරියනි... "
තැතිගත් බ්රිනාල් රාජ සභාව වෙත දිව ගියා ය. ඔවුන් වෙතින් ද කැලඹීමට පත් වූ ලකුණු දිස්වන්නට විය.
කෙසේ හෝ සතුරු හමුදාව ද්වාරය බිඳ හෙළීමට සමත් වූහ. ඔවුහු රාජ මාලිගෙය තුළට විත් සෙබළුන් හා සටන් කරමින් රාජ සභාව වෙතට ම පැමිණියහ.
එයින් පසු ව ඇති වූයේ නම් බිහිසුණු සටනකි. බ්රිනාල් ද තම පිය මහරජුගේ දැඩි අකමැත්ත මත ම සටනට සහභාගී වූවා ය. ඒ අතරතුර එම සතුරු හමුදා ප්‍රධානියා කතා කරන්නට වූයේ ය.
" මාණිඛේට රජු විසින් එවන ලද මා විශ්වමිත් වෙමි. නුඹලා හට කෙලෙසකවත් ගැළවීමට නම් නැහැ ලැබෙණුයේ... "
ඒ කුරිරු වදන් බොහෝ දෙනා බියට පත් කළ නමුදු එක් දෑසක් තුළ භීතිය අංශු මාත්‍රයක්වත් වූයේ නැත.
ඉන් පසු ව ඇති වූ සටන නැරඹීමට පවා බිය ගෙනදෙන තරම් දරුණු වූයේ ය. රුහිරු ගංගා දසත ගලා ගිය අතර වේදනාත්මක මොරගෑම් එයට වෙණ වයන්නට වූහ.
අධිරජු වූයේ එම සටනින් ජය ගැනීමට මොහොතක් ආසන්නයේයි. නමුත් එය වැළකීමට ගියේ අතිශය කුඩා කාල ප්රමාණයකි.
බ්රිනාල් හට එක්වර ම තම පිය මහරජුන් වෙත ඇවිද යන විශ්වමිත් දර්ශනය විය.
ඔහු අධිරජුට පිටුපසින් ඔහු වෙත පියමැන්නේ ය. බ්රිනාල්ගේ මුවින් හඬක් නැඟිනි. ඇය එය වැළැක්වීමට චිත්තක්ෂණයක මොහොතක් තබා ඔහු අත වූ සිරියෙන් අධිරජු වෙත ප්‍රහාර එල්ල කළේ ය.ඇගේ හස්තයෙන් අසිපත ගිලිහිණි. එය බිමට පතිත වත් ම ඇය තම පියාණන් ඉදිරියේ දණින් වැටී සිටියා ය.
" පියාණනී...... පියාණනී.... නුඹට මා හැර දා යා නො හැකියි. එසේ නො කරන්න පියාණනී.... "
අධිරජ මහේන්ද්‍රයන් ප්‍රථිකාර කරා වහා ම යොමු කළ ද රාජකීය වෙදැදුරන් හට ඔහුගේ ප්‍රාණය බේරා ගැනීමට නො හැකි වූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙස ය. එය මුළු මහත් රාජ්‍යය ම මොහොතකට අරාජික කළේ ය. රජ මැදුරේ සිට පැල්පත දක්වා ම එය අඳුරෙන් වැසී ගිය කාලයක් වූයේ ය.
පසුවට....
