සුපුරුදු විදියට තව සතියක් ගෙවිලා ගියා. කියන්න තරම් විශේෂ දේවල් සිද්ධ නොවුනත් මගෙයි අභි අයියගෙයි වටේට හෙන අමුතු දේවල් වෙන්න ගත්තා. අමුතු කියන්නේ ඉතින් ඒක මෙහෙමයි හරිද . මට දැන් සියට දාහක් කන්ෆර්ම් මම එයාට ආදරෙයි කියලා. ඒත් එයා... එයාගෙන් සීයට සීයක් පෙරලා මට ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් එයාගේ සමහර හැසිරිම් තිබුනා මාව එයා එහෙමයි කියලා හිතන්න පොලබවා ගත්තු. ඔකෙස්ට්රා එක නිසා අපි ලං වෙන්න පටන් ගත්තා. එයා මගෙයි ලක්කගෙයි ටියුටර් උන නිසා අපි ඕනවටත් වඩා ලං වුනා. මට එයාව දැනෙනවා. ඔව්.... ඕනවටත් වඩා දැනෙනවා. පොර දැන් ඇගට පතට නොදැනී මට බබා කියලත් කියනවා. දවසක් එකපාරටම විහිලුවෙන් වගේ ශ්‍රී බබා කියලා කිව්වා. මම ඇයි කියල ඇහුවම කීවේ අපේ අම්මත් බබා කියල කියන නිසාලු කිව්වේ කියලා. දැන් මේකා ඒක පුරුද්දකට තියාගෙන. සමහර වෙලාවට මට ඕන එයාගෙන් උණුසුම් වැලද ගැනිමක්. මම ඒක එයාට කෙලින්ම කියනවා. 'අභි අයියේ, මගේ හිතට හරිනැ මාව හග් කරන්නකො' , 'අභි අයියේ හග් එකක් ඕන' , 'අභි අයියේ මට හොදටම මහන්සියි මාව හයියෙන් බදාගන්නකෝ' දවසකට ඔය වගේ තුන් හතර වතාවක් කියනවා ඇති. ඒත් කවදාවත් එයා මගෙන් ඒවට හේතු අහන්නැ. මම කියන්නේ මොනවෙලේද කියන පමාවට එයා මාව හග් කරනවා. එයා මාව බලාගත්තේ හරියට තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව පරිස්සම් කරනවා වගේ. මම ඒ උණුහුමට ආසයි. මම ඒ කෙයාරින් ගතියට ආසයි.
අභි අයියා මට වඩා හුගක් උසයි. මම හිතන්නේ අඩි හයක්වත් ඇති. එයා මාව බදාගත්තම මට එයාගේ හාට්බීට් එක පවා ඇහෙනවා. මම ඉන්නේ එයාගේ පපුව ගාවටනේ. ලගදි ඉදන් මම නෝට් කලා මාව හග් කරද්දි එයාගේ හාට්බීට් එක වැඩිවෙනවා. ඉතින් මට නිකමට හිතුනා එයාගේ හිතේ මං ගැන කැමැත්තක් පොඩිවට හරි ඇතිනේද කියලා. කලින් දවසක නින්ද නැති කරනවා කියපු කෙනා මම දෝ කියලා ලගදි ඉදන් මගේ යටිහිත කෑගහන්න ගත්තා. මම බලන් හිටියා.... තවමත් බලන් ඉන්නවා... එයා කවදම හරි දවසක මට ඒක කියනකල්... මට මෙහෙම අභි අයියා එක්ක කාලේ ගත කරන්න පුලුවන් තව මාස දෙකක් විතරයි. එයා ඒලෙවල් ලියලා ගවමන්ට් යුනි එකකට යාවි. ෆස්ට් ශයි එකෙන් ම යුනි යන්න එයාට පුලුවන් කියලා මම දන්නවා. එයා දක්ශයෙක්. මොරටු හරි පේරා හරි ඉන්ජිනියර් අනිවා තේරේවි. එතකොට මම... මම කොහොමත් ඒ ලෙවල් කරන්නැ. ඉස්සර ඉදන් ඉස්කොලේ අල්ලපු වැටේ තියන ග්‍රීන් යුනිවසිටි එකට ගිහින් අඩුවයසින් ඩිග්රියක් අරන් ජොබක් කරන්න තමා මගේ හීනේ තිබුනේ. ඉතින් මාස දෙකකින් පස්සේ අපි දෙන්නා තෝරගත්ත පාරවල් දෙකක යාවි. අපි දෙන්නා යාලුවෝ විදියට විතරක් හිටියොත් ආයෙ මට එයාව දකින්න ලැබෙන එකක්වත් නැහැ. අනේහ්.... මම මොනවද මේ හිතන්නේ? මට දැන් හොදටම ඇඩෙන්න වගේ.
YOU ARE READING
Aster Monarch
Non-Fiction.... ශ්රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම...