සුදු බෝගන්විලා - 13th Tale ★

662 39 6
                                    

නෝවා එයාගේ රුම් එකට එද්දී එයාට ඇහුණේ බාතෘම් එක පැත්තෙන් වතුර වැටෙන සද්දේ. කෙයාන් නානවා ඇති නෝවා එහෙම හිතලා ආයෙත් යන්න හැරුණේ ජෙරමියාගේ රුම් එකට එත් එක්කම

" නෝවා ඔයා ඔතනද ? "

" ඔව් කියන්න "

" මගේ ටවල් එක ගෙනත් දෙනවද මට ගෙන්න අමතක වුණා.සුට් කෙස් එක අරිද්දීම ඇති "

" ආහ් හරි "

නෝවා සුට් කෙස් එක ඇරලා ටවල් එක ගද්දීම දැක්කේ සුට් කෙස් එකේ සයිඩ් පොකට් එකක දාලා තියෙන නොවාගේ ෆොටෝ එකක්.එකත් ගිය අවුරුද්දේ පල්ලියේ මංගල්ලෙට පල්ලිය ඉස්සරහා ගහපු ෆොටෝ එකක්.නෝවා එක ගන්න යද්දීම කෙයාන් ආයෙමත් කැ ගැහුවා.

" නෝවා !!!! "

" හරි හරි ඉදපං බන් එනවා "

නෝවා වොෂ් රුම් එක ළඟට ගිහිං තට්ටු කරද්දි කෙයාන් දොර බාගෙට ඇරලා ටවල් එක ඇදලා ගත්තා ඇතුලට

" තැන්ක්ස් "

" මොංගල්ද? "

නෝවා බෙඩ් එක උඩට වැටෙන ගමන්ම කිව්වා.

" මොකද "

කෙයාන් වොෂ් රුම් එකේ ඉද්දීම බෙරිහන් දුන්නා.

"කවදා ඉදන්ද උඹ ඔච්චර විනීතගරුක උනේ.මම උඹෙ අයියා යකෝ තැන්ක් යු කියන්නේ "

" ඒ ඔයාටනේ "

" මොකක් ? "

" චුටි ටීචගේ චුටි ටෝර්ච් එක කියලා කිව්වේ "

" idiot "

නෝවා ආයෙමත් ගියේ ජෙරමියාගේ රුම් එකට.ජෙරමියා හිටියේ ටේබල් එක ගාව.එයා මොනාදෝ අදිනවා.

"හෙයි "

නොවා ජෙරමියාගේ කන ළඟට නැමිලා කතා කරා

ජෙරමියා උරහිස් දෙක අකුල ගත්තේ නොවාගේ හුස්ම බෙල්ලේ වදින එක දරාගන්න බැරුව

" මොකක්ද අදින්නේ "

" ඔයාව "

" මාව එපා "

" එහෙනම් "

" අපි දෙන්නවම අදින්න "

" ඊටපස්සේ "

" ඊටපස්සේ අපි රාමු කරලා බිත්තියේ ගහමු "

" අනේ මේ අයියේ "

My Angel ★ ||  [sinhala bl] Where stories live. Discover now