ආදර රාගය - 6 th tale ★

1.2K 69 3
                                    

Author pov :

" ආදරෙයිද මට ?? "

නෝවා එහෙම අහද්දී ජෙරමියා තිගැස්සුණා.

ඔව් ඔව් මම ආදරෙයි ගොඩක් ඒත් කොහොමද මම කියන්නේ.ඔයාට දැනටමත් කෙනෙක් ඉන්නකොට ඒ මනුස්සයා එක්ක මගේ ඉස්සරහම ආදරේ කරණකොට මම කොහොමද කියන්නේ
කැගහලා කියන්න බැරි සිතුවිලි ගොඩක් මැද ජෙරමියා හිර වෙද්දී ආයෙමත් ඇහුණේ නෝවා ගේ කටහඩ එහා පැත්තෙන්

" ජෙරමියා ඔයා හිතනවා වගේ දෙයක් එතන උණේ නැහැ "

නෝවා වචන ගැටගහන ගමන් කිව්වේ ජෙරමියා දිහාවට හැරිලා තිබුණ ඇස් වහගෙනමයි

ඉතිං මම ඇහුවද? ජෙරමියාට අහන්න හිතුණේ එහෙම

" කයිලියි මමයි breakup වුණා "

නෝවා දිග හුස්මක් ගත්තා

" එයා මාව රවට්ටලා විතරයි ජෙරමියා.මම රැවටිලා "

නොවාගේ වචන එන්න එන්න කැඩෙන්න පටන් ගත්තා

" මට කව්ද ඉන්නේ ජෙරමියා ආදරේ කරන්න "

" මාත් කැමති මම ආදරේ කරන කෙනා එක්ක ප්‍රශ්ණ නැතුව එයාත් එක්ක ආදරෙන් ඉන්න එයාව බලාගන්න "

" ඒත් මෙහෙම වෙද්දී මම මොකක්ද කරන්නේ "

" මට අම්මාව ඕනේ ජෙරමියා "

ජෙරමියා සිවිලිම දිහා බලාගෙන හිටපු ඇස් නෝවා දිහාට හරවද්දී ඒ ඇස් ජෙරමියා දිහාම බලන් හිටියා

" මට කියන්න ජෙරමියා ඔයාවත් මට ආදරෙයිද "

නෝවා ආපහු ඇහුවා

ජෙරමියා උත්තර දුන්නේ නැ

" හරි "

නෝවාගෙ ඔලුවට බැටන් පොළු හතරකින් පහකින් තඩි බානවා වගේ දැනෙද්දී ඒ අමාරුවත් එක්කම නෝවා නැගිට්ටා

" අය මම ගැන හොයන්න එපා "

නෝවා කිව්වෙ ජෙරමියාට ඇගිල්ල දික් කරලා.නෝවා දොර පැත්තට යන්න හැරුණා විතරයි ජෙරමියා ඇවිත් නෝවාව පිටිපස්සෙන් බදාගත්තා.

නෝවා හරි සිහියකින් හිටියේ නැති උණත් හියක වේගෙන් ලැබුණු ඒ පහසට හිටිතැනම නතර වුණා

My Angel ★ ||  [sinhala bl] Where stories live. Discover now