2 කොටස

162 22 2
                                    

🌸:-ඉශා

🦋:-කියන්න

🌸:-අපි මීට් වෙමු

🦋:-අපි....

🌸:-ඕඕ

🦋:-දැන්ම ඕන නෑ...

🌸:-අනේ අපි යාලුවෙලා දැන් මාස තුනක් වෙනවත් එක්කනේ

🦋:-හ්ම්..ඒත් කමක් නෑ..තව එක මාසයක් ඉන්න

🌸:-අනේ අහන්නකෝ

🦋:-කියන දේ අහන්න..ලබන මාසේ මීට් වෙමු

🌸:-හ්ම්

🦋:-හ්ම්

"මොකද බන් නිකන් දාහට අරන් සීයට දීලා වගේ"

"එයා මාව හම්බෙන්න කැමති නෑ වගේ පූජා"

"ඇයි මොකද කියන්නෙ"

"ලබන මාසෙ වෙනකම් ඉන්නලු"

"එහෙමත් එකක්ද..හේතුවක් කිව්වෙ නැද්ද ඇයි හම්බෙන එක පරක්කු කරන්නෙ කියල"

"නැහැ..මන් ඕෆ්ලයින් ගියා..මට හිතෙන්නෑ ඕනවට වඩා ඇගේ එල්ලි එල්ලි යන්න"

"ම්ම්ම්"

"එයාට කෝමත් ගානක් නෑ"

"හ්ම්ම්"

"මන් නිකම් හිරවෙලා වගේ"

පූජාගෙත් හශිනිගෙත් කතාව මැද්දෙ එකපාරටම හශිනිගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ හශිනිගෙත් පූජගෙත් කතාවක මදකට නවත්තලා....

"ඉන්න මන් බලන්නම්"

"බලලා වරෙන්කො.."

"ම්ම්.."

හශිනි නැවත තමන්ගෙ දුරකථනය අතට ගත්තෙ මේ වගෙ වෙලාවක එයාට සාමාන්‍යයෙන් කතා කරන්න කෙනෙක් නැති නිසා හිතෙ දෙගිඩියාවෙන් වගෙ..ඒත් නොහිතු විදියට හශිනිගෙ කම්මුල් රතු වෙලා මූණට ලස්සන හිනාවක් ඇදුනේ මාස තුනක් තිස්සෙ මැසේජ් කරත් මොකද ඒ මාස තුන ඇතුලේ කටහඩවත් මොනවගේද කියල දන්නැති එයාගෙ පරම පිවිතුරු ආදරේ උන ඉශාගෙන් තමයි මේ කෝල් එක එන්නෙ කියල දැනගත්ත නිසා....

"හ....හලෝ"

"ම්ම්ම්"

"ඉශා"

"ම්ම්ම්"

"ඇයි ගත්තෙ"

"ම්ම්ම්"

𝘋𝘰 𝘠𝘰𝘶 𝘙𝘦𝘢𝘭𝘭𝘺 𝘓𝘰𝘷𝘦𝘥 𝘔𝘦..? (𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗) (Girl×Girl)Where stories live. Discover now