4 කොටස

160 17 4
                                    

"එහ්..මෝඩි නැගිටිනවා"

"අනේ ඇයි අනේ ඉන්න දෙන්නකෝ"

"ඉන්න දෙන්න නෙවෙයි නැගිටපන් හිපාටුවො"

"අනේ බන් ඇයි"

මම එහෙම කියලා පූජාගෙ දිහා ඇස් පොඩි කර කර බැලුවෙ එකපාරටම මේකිට මොන යකා ගැහුවද කියල හිතාගන්න බැරි නිසා...

"ඇයි අනෙ"

"මොකො උනෙ"

"අයියෝ ගෑනියේ තෝ ඕක අහන්නද මගෙ නින්ද කැඩුවෙ"

"මොකො ඉතින් උබ නිදාගත්තා කියල මගෙ කුතුහලය මට ඉවසන් ඉන්න කියනවයි"

"නෑ...මොකුත් උන්නෑ අද"

"උම්මා එකක් දුන්නෑද ගර්ල්පෙන්ට"

"නෑ..."

"ඇයි"

"එයා මගෙ අත හයියෙන් අල්ලන් හිටියා මාත් ඒමම එයාගෙ අත අල්ලන් එයාගෙ ඇගට බරවෙලා හිටියා"

"එච්චරද"

"මට ඒ ඇති"

"මට හිතුනෙ උබ ඒකිව කාලා ඒකිගෙ කෑලිත් මෙහෙ අරන් එයි කියල"

"අපි ආය හම්බෙනව ඉක්මනට..ඒ නිසා ප්‍රශ්නයක් නෑ"

එහෙම කියපු මම ආයම සැරයක් ඇදේ හාන්සි උනේ එයාව ආය කවදා බලන්නද කියල හිත හිත....ඒ විදියට හිත හිත මාස තුනක් ගෙවිලා යද්දි අපේ ආදරේටත් මාස හයක් පිරුණේ රණ්ඩු වෙවි යාලු වෙවී එන්න එන්න අපේ බැදීම ශක්තිමත් වෙද්දි...මන් ඕනවට වඩා එයාට ඇබ්බැහි වෙද්දි එයත් මට පොරොන්දු උන විදියටම මන් ගැන හොයලා බැලුවෙ කවදාවත් එයාගෙන් තොර ලෝකයක් මට හිතාගන්න බැරි වෙද්දි....ඒත් එහෙම ලස්සනට ගලාගෙන ගිය අපේ ආදරේ අපි ආයමත් සැරයක් දෙවෙනි වතාවට මුණ ගැහෙද්දි සුනු විසුණු වෙලා යන්න ගියෙ බොහොම ටික වෙලාවයි......විභාගෙ ඉවර උනත් එක්ක මට ටව්න් යන්න තරම් හේතුවක් නොතිබ්බ තරම් ඒත් සැලෝන් එකට යනවා කියල බොරුවක් කියල ගෙදරින් පැනගත්ත මම දෙවෙනි පාරට ඒ මූණ බලන්න එළියට බැස්සෙ එයත් එක්ක කරන්න ගොඩක් දේවල් හිත හිත.....

ඒත් අපේ වෙලාව...අපේ අම්මයි තාත්තයි දෙන්නම මගෙ පස්සෙන් ඇවිත් මන් එයාව මුණගැහුණ ටිකෙ ඉදන් එයා එක්ක ඇවිද්ද හැම තැනක්ම වෙනකම් මාව ෆලෝ කරලා...

𝘋𝘰 𝘠𝘰𝘶 𝘙𝘦𝘢𝘭𝘭𝘺 𝘓𝘰𝘷𝘦𝘥 𝘔𝘦..? (𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗) (Girl×Girl)Where stories live. Discover now