නිල් සුදුපාටින් වර්ණවත් වූ අහස කෙමෙන් රත් තැඹිලි පාටින් වර්ණවත් වෙද්දි රනා වෙද ගෙදර කඩුල්ල පැන්නේ සිනාසෙමිනි. පොඩි හාමුට දැන් මගෙ මොකුත් දැක්කට බය හිතෙන්න ඉඩක් නෑ අප්පච්චි කියල හිතින් පමණක් කියූ රනා මහ වනයට ඇදුනේ උදාවන රාත්රියත් සමගයි..........ගොම්මනේම කුඹුරට බැස්ස රනා එරික් බාගෙට හිටවපු කෙකටිය අල ගලවමින් ආයෙමත් හිටවන්නට උනේ හිනාවෙමිනි.....!!!
"අනේ ඉතිං මුගෙ හිටවිල්ල....!!! අච්චර කියලත් අලේ බාගයක් උඩ..... මුගෙ ආච්චිට හාල් ගරන්න.....!!! "
එක වැඩේ දෙක උන එකට රනාට තරමක් කේන්ති ගියත් මඩේ වැටි වැටී එරික් කෙකටිය අල හිටවපු විදිහ මතක් වෙද්දි රනාට තනියෙම හිනා යන්නට විය.එම වැඩේ ඉක්මනින් අවසන් කළ රනා ඔහු හේනට එද්දි රැගෙන ආ මාලු බොර හිටින්න උයා මැල්ලුමක් හදා දෙතුන් දෙනෙකුට සෑහෙන ප්රමාණෙ බත්මුල ලොකු මැටි කොරහකට දාගෙන ගොයම් ගොඩ ගැසූ මඩුව වෙත පියමැන්නෙ කාලව හොයාගෙනයි.......
"කාල දැන් ඔය මදෑ නවතාපන් ඔය නැහිල්ල.... උඹව මං තියන් ඉන්නෙ වැඩ ගන්න නෙවෙයි කියල දන්නව නොවැ...!!! "
"අපෙ ගුරුන්නාන්සෙට මං මේ කොරන උදව් මොනවද මයෙ ගුරුන්නාන්සෙ....!!! අයියනායක දෙයි හාමුදුරුවන්ගෙ උදහසෙන් මාව බේරගෙන මාව රැක්කෙ මයෙ රනා ගුරුන්නාන්සෙ.....!!! "
"හා... හා... ඇති ඇති. මේං මේක කාලා ඉදින් කාල....!! මදිනං තව බෙදාගෙන කාපන් පැල ඇතුලෙ තියෙනව.......!!! "
"එහෙමයි ගුරුන්නාන්සෙ ....!!! "
"මං අද රාත්රියේ හේනෙ ඉන්නෙ නැතුවා කාල....!! උඹ හේන බලාපන් හොඳඳ..... මං ආයෙ එද්දි සුදු එළිය වැටිල තියෙයි...!!! "
"හොඳමයි ගුරුන්නාන්සෙ...!! මං එහෙම කොරන්නං.....!!! "
"කාපිය කිව්වෙ ඔය මැල්ලුම් ටික මාළු විතරක් ගිලින්නෙ නැතුව...!! වීසි කරල තිබ්බොත් මගෙ යකා දකී උඹ තේරුනානෙ නේද ......??? "
කාල මැල්ලුම් නොකා එහාට කරන විදිහ දුටු රනා කාලට සැර දැම්මේ විහිලුවට නොවේ.කාල යනු අර්ධයක් යක්ෂයෙක් වගේම අර්ධයක් දේවත්වයක් ඇති යක්ෂයෙකි. කඩවර නැකතින් උපන් කාල සියලු යක්ෂයන්ට වඩා බලගතු උනත් රනා ගුරුන්නාන්සෙ ඉදිරියේ කාල පොඩි දරුවෙකු සේ විය...!!! අන්දෝරිස් ගුරාගේ පහත් බන්ධනේකට අසුවී අයියනායක දෙවියන්ගෙ පිහිට තිබූ රනාව මරන්න ආ කාල අයියනායක දෙවියන්ගෙ උදහසට ලක්වී දැවී අළුවෙන්නට යද්දි අයියනායක දෙවියන්ට ඇත්ත සත්ත පහදා දී රනා කාලව බේරාගත්තේය..... එදා පටන් රනාගෙ ආරක්ෂාව කාල භාරගත්තෙ මිනිස් නොමිනිස් සියල්ලගෙන්ම රනාව රකිමිනි......!!!!