දහවෙනි කොටස
මුහුදේ රළ වේදාන්තගේ වළලුකර දක්වා පැන නැගුනේ ද යන්තමින් නමුත් ඔහුට සිතුනේම තමා දියේ ගිලෙන්නට යන බවයි.
සීමාවක් නොමැති සයුර දෙස බලාගෙන සිටින ඔහුට හිස බමන්නා සේ හැඟෙන්නට විය. ගුරු පැහැති වළාකුළු රැලි නගමින් වෙරළ වෙතට අහසේ පාවී එන්නට වූ අතර තද සුළඟ කම්මුල් මත කටු අනින්නාක් මෙන් රිදුම් දෙමින් ගමන් කළේය. මුහුදු සුළඟේ කරදිය ගතිය මුවට දැනෙන තරම්ය. එය ඔහුට ගෙනාවේ ඔක්කාර කරවන ගතියකි.
සාරද නිවසින් පැන යෑමට උත්සාහ කළ දිනයේ පටන්ම ඇතිවූ හිස කරකැල්ලක් වේදාන්තට වෙයි.
සාරද ගමන්මලු සූදානම් කරගෙන සිටිය හැටි... කෝසල රටේ තරුණයා තමාට අහිමි වී යැයි සිත භීතියෙන් පෙලූ මතකයන්... මුහුද ඉහළින් නැගෙන අඳුරු වළාකුළු සේම වේදාන්තගේ සිහියේ රැඳී තිබුණි. දෙපා තෙමා දමන මුහුදු රැලි මෙන් ඒ මතකයන් ඔහුගේ සිත තෙතබරිත කරවමින් කොහේදෝ ඈතක සිට නොයෙක් හැඟීම් ඇදගෙන එයි.
"වේදාන්ත?"
වමනය ගතිය අමතක කරන්නට කම්මුලට අතින් තට්ටු කරගත් හේ, උමාගේගේ කළු පැහැති දෙනෙත් දෙස බැලුවාය.
තෙහෙට්ටුවෙන් ඇඹරී වෙහෙසට පත්ව සිටින වේතාන්තගේ මුහුණ දුටු උමාගේ දෙනෙත් එකිනෙකට පියවුණි. "මදූ වෙළඳ පලට යන්න හදනවා..."
මධුමති සහ සාරද වෙරළේ තරමක් ඈතට වෙන්නට සිටගෙන සිටිති. තිස්ස සහ උපසාලා ඔවුන් දෙදෙනා අතර සෙල්ලමේ පසුවේ. මදුමතී ගැන වේදාන්තගේ සිතෙහි මද ඊරිසියා ගතියක් මතුවූවේය.
පසුගිය දවස් කිහිපයක සිටම සාරද වැඩිපුරම කාලය ගෙවන්නේ මධුමති සමඟයි. දෙදෙනා අතර මිත්රත්වය උදම් රළ නැගෙනවාක් මෙන් වර්ධනය වී ඇත.
"ඉන්න මම එන්නම්..." වේදාන්ත රලු හඬින් කීය.
වැලි මත්තේ කකුල් අද්දවමින් ඇවිද එන්නට වූ වේදාන්තට, සාරද අහක බලාගන්නා සැටි දුර තියාම පෙනුනි. වේදාන්තට කිට්ටු වෙන්නට සාරදගේ අකමැත්ත දක්වන්නට එය මතක් කිරීමකි. නමුත් මදූ, වේදාන්ත වෙත සිනාවක් පා ඇගේ අතකින් වේදාන්තගේ අතක් පටලවා ගත්තාය.
BẠN ĐANG ĐỌC
අකාල | The Timeless
Lãng mạnවේදාන්ත සහ සාරද සතුරු රටවල් දෙකක තරුණයන් ය. දෙදෙනාම මිය නොයන අමරණීයයන් බව වටහා ගන්නේ සටන් වැදෙන විටයි. යුද්ධයෙන් ජයගත් වේදාන්තගේ සිය රටට ඒමට සාරදට ආරධනා කරයි. අතරමඟ සෙන්පති වේදාන්ත සාරද සම්ඟින් පෙමින් වෙළුණද ඔහුගේ සිතේ අනාගතය පිළිබඳව ඇත්තේ කළ යුද්ධ...