හත්වන කොටස
කුමක් වූවේද යන්න සාරදට අපැහැදිලිය.
"උඹල වගේ කෝසලයෝ නිසා තමයි මගේ මල්ලි අද මෙතන නැත්තේ." කෝපය හදවත විනිවිද ගිය හඬකින් කියූ වේදාන්තගේ නෙත්වලින් ඒ වේදනාව ගලා එන්නට පටන් ගති. "ගෙදරින් යනකොට ඌට අවුරුදු දාහතර පිරුණ විතරයි!"
ඉකි ගසන්නට වූ තරුණ සෙන්පතියා එසේ හඬනවා හඬනවා සාරදට සිතාගැනීමටත් අපහසුය.
කඳුළින් බොඳවුණු වේදාන්තගේ නෙත්වලට සාරද පෙනුනේද මැරෙන්නට යන මොහොතේ බියෙන් තැතිගෙන සිටි ගිය සිය සහෝදරයා ලෙසිනි.
"යන්තම් අවුරුදු දාහතර පිරුණු කොල්ලව ඇදගෙන නැවු නගින කොට... ඌත් බලාගෙන හිටියේ උඹ ඔය බලාගෙන ඉන්නවා වගේම තමයි සාරද! දන්නවද, නන්දගේ මරණයට වගකියන්න ඕනේ මමයි... බැහැ කියද්දි මමයි ඌව බලෙන් ඇදගෙන ගියේ... මගේ තනියට!"
කාමරය තුළ තිබුණු නිහඬතාවය කෙතරම් දැඩිව ගියේද කියතොත් සාරදට තමාගේ හෘද ස්පන්දනය පවා සවනට ඇසෙන්නාක් මෙන් දැනුණි. "ඒක උබේ වැරැද්ද නෙමෙයි වේදාන්ත... මල්ලි වැටුණේ උබේ කඩු පහරකින් නෙමෙයි..." හැකි ළයාන්විතම හඬින් සාරද මුමුණා කියා සිටියේය.
"මගේ කඩුවෙන් ඇන්නා වගේ තමයි." වේදාන්තගේ කෝපය බිඳ වැටුණි.
බිඳී ඉරිතලා ගිය සිත මැද්දෙන් සිය හැඟීම්ද ගිලිහී යනු වේදාන්තට දැනෙමින් තිබුණි. හුස්ම ගැනීමටද අපහසු තරම් ය. බිම ඇදගෙන වැටීම නවතනු පිණිස වේදාන්ත සිය සහෝදරයාගේ ඇඳ විට්ටම අල්ලා ගත්තේය.
නමුත් එයද ප්රමාණවත් නැත.
එය කිසිම විටෙක ප්රමාණවත් නොවනුද ඇත්තේය.
වේදාන්ත හඬා වැටුණි.
අහක බලාගෙන සිටින විට එල්ල කල අතුල් පහර බඳු වූ පළමු ඉකිගැසිල්ල ඔහු බලාපොරොත්තු වූවක්ද නොවීය. දණහිස් වෙව්ලුම් කන්නට ගත් වේදාන්ත පිටිපසට ඇද වැටුණි. ඇතිවන කම්පනය වළක්වා ගන්නට කිසිවක් නොවුණ එතැන ඌගේ සහෝදරයාගෙ මතකයන් පමණි.
වේතාන්ත මීට පෙරත් සිය සහෝදරයා ගැන කල්පනා කොට හඬ වැළපී තිබුණු නමුත් මෙවැනි ආකාරයට නම් නොවේ. ඔහු කාමරයෙන් පිටතට යෑමට උත්සාහ කළත් සාරද දොර හරස් කොට සිටගත්තේය.
ČTEŠ
අකාල | The Timeless
Romanceවේදාන්ත සහ සාරද සතුරු රටවල් දෙකක තරුණයන් ය. දෙදෙනාම මිය නොයන අමරණීයයන් බව වටහා ගන්නේ සටන් වැදෙන විටයි. යුද්ධයෙන් ජයගත් වේදාන්තගේ සිය රටට ඒමට සාරදට ආරධනා කරයි. අතරමඟ සෙන්පති වේදාන්ත සාරද සම්ඟින් පෙමින් වෙළුණද ඔහුගේ සිතේ අනාගතය පිළිබඳව ඇත්තේ කළ යුද්ධ...