නවවන කොටස

226 43 7
                                    

නවවන කොටස (මේක ටිකක් පොඩියි ළමයි...)

"දහවල් වරුවේ සුමිත්‍රා එනවලු මාව හම්බවෙන්න." කුස දෙඅට ඇඹරීගෙන යනවා වාගේ දැනෙද්දි වේදාන්ත කියන්න පටන් ගත්තේය. යුවතියගේ නම පවසනවාත් සමඟින් සාරදගේ මුහුණ තරමක් අඳුරු වීගෙන යනු ඔහුට පෙනුණි. "සුමිත්‍රාට උබේ එච්චරම කැමත්තක් නෑ කියලා දන්න හින්දායි ඒගැන කලින් කියන්න ආවේ..."

"මොකකටද සුමිත්‍රා එනවා කියන්නේ?

වේදාන්තට පහසුවෙන් බොරුවක් කිව හැකිය. දෙදෙනාගේම හදවතේ රිදුම වළක්වාලීමට ඔහුට හැකිය. නමුත් බොරුවක් කියනවාට වඩා ගරු සැලකිල්ලක් සාරදට ඔහුගෙන් හිමි විය යුතු බව වේදාන්තට සිතුනි. " සුමිත්‍රා එන්නේ මාව හමුවෙන්න... අපේ මැණියන්ගේ ඉල්ලීමකට... අම්මා තාමත් හිතන්නේ මම සුමිත්‍රා විවාහ කරගනීවි කියලා..." යුද පිටියේදී කෑගසා උගුර බැරැන්ඩි වූ ගිය කලකමින් වේදාන්තට දැනෙන්නට පටන් ගත්තේය. "ඉස්සරහ දවසකදි මම සුමිත්‍රා විවාහ කරගනිවි කියලයි මැනියන්ගේ බලාපොරොත්තුව..."

කය සෘජුකොට හිටගත් සාරදගේ හකුපාඩා එකිනෙකට තදවී තිබෙනු වෙදාන්තට පෙනුණි. මොහොතකට පෙර සුපැහැදිලිව තිබු නෙත්ද තරමක් රතු වී ඇත. වේදාන්තට අහක බලා ගත්තේය.

"උඹත් එක්ක ජීවිතය ගත කරන්නට පුලුවන්නම් සුමිත්‍රා හරිම වාසනාවන්තියක් වේවි..." සාරද කියනු වේදාන්තට ඇසුණී.

ආපසු හැරුණු වේදාන්ත දුටුවේ නිවස දෙසට ඇවිද යන සාරදවයි.

නිවැරදි කරගැනීමට නොහැකි වවුහහොත් සාරදගේ සෙනෙහස මෙන්ම මිතුරුකමද තමාගෙන් ගිලිහී යනු ඇතැයි වේදාන්තට විශ්වාසය.

*****

සුමිත්‍රා එන විට ඉර හැරී තිබිණි.

දහවල් වරුවම වේදාන්තට සාරදව නැවතත් මුණගැසුණේ නැත. ඔහු තවමත් මදුමතී සමඟින් මල් වත්තට වී ගෙත්තමේ යෙදෙනවා ඇතැයි ඔහුට සිතුනි. ඒ සිතිවිල්ලත් සමගින් හදවත බර වී යන වේදනකට සුමිත්‍රා පැමිණ ඔහු අසලින් අසුන් ගන්නා තෙක්ම මතකයට ආවේ සාරදගේ රතු පැහැගත් නෙත් දෙකයි.

"-ඉස්සරහට එන පාර දෙපැත්ත පුරාම මල් පිපිලා... සුඟලා නැන්දාගේ වත්තේ මල් මේ කාලෙට බොහොම ලස්සනයි.-" ඈ නිහඬව කිව්වේ මල් උයන දෙස බලාගෙනය.

අකාල | The TimelessDonde viven las historias. Descúbrelo ahora