ඒ අඬ සඳැති රාත්‍රියකි.සනයනයේ නිදා සිටි යුවතියගේ උවනත දිලෙන්නේ ජනේලයෙන් පෙරී ආ සඳ එළිය වැටී ය.සුලඟ නිසාවෙන් දෝ එහා මෙහා වී ඇති දුහුල් නිදන ඇඳුමෙහි කර අතරින් පෙනෙන වම් ළය මත ඇති ටැටූව ආකර්ෂණීය ය. කවාකාර චන්ද්‍රයා මැද්දෑවෙහි පිහිටි පිපුණු රෝසමලක් ඈ කුමට ළය මත ඇන්දා ද ? යි සඳත් ඇතැම් විට විමසනවා විය යුතුය.නමුදු යුවතිය සුපුරුදු සිහිනයේම අතරමං ව ඇති සෙයකි.
වැයෙන්නේ ඈ කැමතිම පැරණි ගීතයක තනුවකි.සැමදාම දකිනා ලෙස චන්ද්‍රයා නැඟ ආවේ ය.සඳ මැද්දෑවට වන්නට රෝස පොහොට්ටුවක් මලක්ව පිපී ආයේ ය.මෙතක් සිහිල්ව හැමු සුළඟ දැන් මදක් සරින් හමන සෙයකි.හදිසියේම පෑයූ චන්ද්‍රයා රත් පැහැ වන්නට පටන් ගත්තේය.සඳ දිගේ ගලා ආ රත් පැහැය රෝස මල පුරාද විසිර ගියේ මලේ රත් පැහැය ලේ රතට හරවමිනි.තනුව නිමවිණි.ඈ සිහිනයෙන් මිදුණාය.වේගවත් සුසුම් සමග අවදි වූ යුවතිය යහනෙහි කෙලින් වූවාය.දහදියෙන් පෙඟී ගොස් නොසන්සුන් වී සිටි ඈ යහනෙහි පෙසෙකින් තිබූ කබඩය මත වූ වතුර වීදුරුව එක හුස්මට පානය කලේ කතරක අතරමං වී පිපාසයෙන් පීඩිත වූවෙකු සේ ය.
"මට මේ හැමදාම පේන හීනේ තේරුම මොකද්ද ? මට දැන් මේක ඇති වෙලා. හීනෙං කොල්ලෙක් පේන්න ඕනි වයසේ ඉන්න මට මොන මගුලට මේ ලේ පාට හඳකුයි මලකුයි පේනවද මන්දා...නිදාගන්නත් නැ අයියෝ හරියට.."
යුවතිය තමාටම පවසාගන්නේ නොසන්සුන් වූ හුස්ම වාර පාලනය කරගැනීමට වම් ලැම මත අර ටැටූව ඇති ප්‍රදේශය පිරිමදිමිනි.
මොහොතක් එලෙසම සිටි යුවතිය දුරකථනයෙන් වේලාව පිරික්සුවාය.
" හහ්... As usual it's 3.45 a.m in the morning! ආයේ කොහෙට නිදියන්න ද ඉතින් දැන්..."
දෑස් කරකවා තමා අවට වාතයට ද කොහෙදෝ සරදම් කල යුවතිය යහනෙන් නැංගාය.-------------------------------------------🌘🥀
"රත් පැහැ සඳ හෙවත් ලේ සඳේ පුරාවත.
රත් පැහැ සඳක් යනු එක්තරා ආකාරයක චන්ද්‍රග්‍රහණයක් නිසා ඇතිවන ප්රතිඵලයකි.අතීතයේ සිටම පැවත එන, චන්ද්‍රග්‍රහණ හා සූර්යග්‍රහණ යනාදිය අළලා ඇති වුන මිත්‍යා විශ්වාස මෙන්ම විවිධ මායාවන් පිළිබඳ කතාන්දර කොතෙකුත් ඇත්තේ වෙයි.එසේම තවමත් ඔවැනි කතා බහ සහ විශ්වාස මිනිසුන් අතර සුලබව පවතින්නේ ය.රත් පැහැ සඳ නැතහොත් ලේ සඳ පිලිබදවද මෙවැනි විශ්වාසන් මිනිසුන් අතර වන්නා සේ ම බොහෝ දුරට රත් පැහැ සඳ හා බැඳුනු සංකේතයන් නපුරු , අසුභ නිමිති ලෙස සැලකිණි.
YOU ARE READING
The Scarlet Moon - රත් පැහැ සඳ 🌹🌘 || Slow Update
General Fictionලේ සඳැති රැයක රෝස මලෙක මිහිදන් කල ප්‍රේමය හංසයා දියෙන් කිරි වෙන් කරගන්නවා වගේ මායාවී සඳකට පුලුවන් ද ආදරයයි වෛරයයි වෙන් කරන්න.එකිනෙකාගේ රුධිරයෙන් කිලුටු වෙච්ච අත් දෙකක් එකතු කරන්න.පලිගන්න බලන් ඉන්න ආත්මයකට ආදරය පිරුණු ජීවිතයක් දෙන්න?