EPISODE 2 - Part 2

11 2 6
                                    

"මේ ඒක නෙවි අර සෝමාලියාවේ හිඟන හොල්මන මෙතෙන්ට සැපත් වෙන්න කලින් ඕක කාපන්.කැන්ටිමේ තිබ්බ අන්තිම කොත්තු දෙක ඔය"

රාකේශ් ඉතිරි පස් කට්ටුවට එසේ අනතුරු ඇඟවූයේ ලිවානාගේ හොඳම  යෙහෙළිය ලයිරා පිළිබඳව ය.ලයිරා කටකාර සේම දඟකාර ය.සමාජශීලී ය.ඈ ඇගේ යෙහෙළිය ලිවානාට වඩා හාත්පසින්ම වෙනස් වූවා ය. ඔවුන් දෙදෙනාගේ ඇවතුම් පැවතුම් උත්තරධ්‍රැවය හා දක්ෂිණත්ධ්‍රැවය සේ එකිනෙක බොහෝ පරස්පර වුව ද ඒ හා
සමානව ඔවූහු ප්‍රබල මිතුරු බැම්මකින් බැඳී සිටියෝ ය.ලයිරා කටකාර බව සැබෑවකි. මිතුරන් අතර ඈ වෙනුවෙන් විවිධාකාර වූ අන්වර්ථ නාමයන් වූවද ඔවුන් සියල්ලෝ ඈව එකසේ ප්‍රිය කළහ.ඒ ඇගේ දඟකාරකම්, කටකාරකම් හා කවටකම් යටින් වූ පැහැදිලි හදවත නිසා ය.නමුත් පිරිස අතර වඩාත් ප්‍රචලිත වූයේ දෙමිතුරියන්ගේ නොනැසෙන මිතුදමයි.

"හාපෝ....කියලා කට ගත්තා විතරයි අන්න අර වක්කඩේ මෙහෙට ගාටනවා අපේ ලී කෙල්ලත් එක්ක"

ආහාර ගැනීමත් පසෙක ලා සියල්ලන් වහා අනෙක් පස හැරුනේ කුනාල්ගේ  වදන් අනුවය.'වක්කඩේ' ඒ ලයිරා වෙනුවෙන් ඉහාන්ගේ මිතුරන් භාවිතා කල අන්වර්ථ නාමයයි.

"ඒ...කුනාලයා ඔය අනික් කොත්තුව ගනින් ඉක්මනට.ඕකට ඕකිගේ පෙරේත බැල්ම වැටුනා කියන්නේ හරි ඉතින්...අපිට කන්න දෙයක් ඉතුරු වෙන්නෑ"

මිහිර්ගේ වදන් අනුව කුනාල් ඉතුරු කොත්තු භාගය කලබලයෙන් තුනට හතරට ඔතා ඉහාන් වෙත දිගු කලේ මිහිර් හා කුනාල්ට අතරමැදිව සිටගෙන සිටියේ ඉහාන් වන බැවිනි.

"ආ...මේක අරූට දීපන්"

කුනාල් හඩින් පැවසුවේ තත්පර කිහිපයක් ගත වීත් ඉහාන්ගේ ප්‍රතිචාරයක් නොවන තැනදී ය.
නමුදු තව දුරටත් ඉහාන් සිටියේ පියවි ලොවට එහා වෙනත් ලොවක ය.ලිවානා ඒ ලොවෙහි අග්‍ර රාජිනියයි.සුළඟට සැලෙන ඇගේ තඹ මිශ්‍ර දුඹුරු පැහැයට බර කෙහෙරැලි අතර ඉහාන්ගේ නොසන්සුන් දෑස් එහා මෙහා දිවයන්නේ පාලනයකින් තොරව ය. ලතාවට ඇදෙන ඇගේ නිතඹ සැලෙන තාලයට ඔහුගේ  සුසුම් පවන් සැලෙන්නේ ය.සුළඟෙහි දග කරන කෙහෙ රැල්ලක් ලිවානා දෑගිලිවලින් සවන් අග රඳවද්දී ඈ මුවඟ විසිරෙන සිනා මල් අතර ඔහුගේ සිහිය අතරමං ව යන්නේ ඔහුටත් නොදැනී ය.

The Scarlet Moon  - රත් පැහැ සඳ 🌹🌘 || Slow Update  Where stories live. Discover now