ඇගේ යෙහෙළිය එම ලිපිය කියවීමට හේතුව ලයිරා නොදන්නවා නොවේ.වසර ගණනාවක සිටම තම යෙහෙළිය දකිනා රත් පැහැ සඳේ සිහිනය ඈට නොරහසකි.නමුදු මායාවන් ආත්මයන් ගැන කතාන්දර ඈ කිසිවිට විශ්වාස නොකරනා දේවල් ය. ලිවානාට පෙනෙන සිහින පිළිබඳ ලයිරාගේ විසඳුම නම් මානසික වෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකාර ලබා ගැනීම ය.එය වඩා තර්කානුකූල , ප්‍රායෝගික විසඳුමක් බව ලයිරාගේ අදහසයි.
නමුදු ඈ නොදන්නා දේ නම් ලිවානා මේ වන විටත් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇති නමුත් එයින් කිසිදු ආකාරයක වෙනසක් ඈ තුල ඇති නොවුන බව ය. ලිවානාත් ලියාරාත් දෙදෙනාම නොදන්නා දෙය නම් ලිවානාට පෙනෙන සිහිනයේ සත්‍යය නුදුරු අනාගතයේම ඔවුන් ඉදිරියේ දිග හැරෙන්නට නියමිත බව ය.
-------------------------------------------🌘🌹"ඇති යන්තම් එක්සෑම් ඉවරයි අසයින්මන්ට් ඉවරයි.දැම්ම මාක්ස් දෙන්නෑ කියන්නේ මෙදා සැරේ වැකේශන් එකෙ ෆුල් ෆන් එකක් ගන්න කිසි බාධාවක් නෑ කියන එක" ඒ හඬ රාකේශ්ගේ ය.
" සිරා බන් ඈ.. මාක්ස් ගැන නන් බයක් නෑ මූ හිටියේ මට එහා පැත්තේ නිසා වැඩේ ගොඩ කියලා ශුවර්.ආදරෙයි බොක්ක"
ඉහාන් දෙසට තොල් උල් කොට හාදුවක් ඉඟි කරනා කුනාල්ගෙත් රාකේශ්ගෙත් කතා වලට ඉහාන් සිනා පෑවේ වසර විසි දෙකක් වීද කුඩා කල පටන් පැවති මොවුන්ගේ මෙවැනි කතා මෙන්ම ගති පැවතුම් එලෙසින්ම පැවතීම පිළිබඳ සිතමින් හිස දෙපසට සලමිනි."හරි දැන් කියපන්කෝ ෆුල් ෆන් එකක් ගන්න උබ වැකේශන් එකට මොනාද ඔච්චර ප්ලෑන් කරලා තියෙන්නේ කියලා" ඒ පැනය ඉසාර්ගෙන් රාකේශ්ටය.
"උබ දන්නවනේ මගේ එකම වගේම ආත්මීය ප්‍රේමය මූ කියලා.අන්න ඒ නිසා වැකේශන් එකට ඌ කොහෙද ඉන්නේ මොනාද කරන්නේ මාත් එමම තමා බ්‍රෝ "
රාකේශ් පවසන්නේ ඉහාන් දෙපසින් දෑත් යවා ඔහුගේ කොපුලක් සිපගැනුමට උත්සහා කරමිනි."ඊයා...අයින් වෙයන් ගොනෝ...ශික්! " ඉහාන් තම දෑතින්ම මුහුණ පිස දැමුවේ සරදමට තමා සිපගත් රාකේශ්ට රවමිනි.
"හපෝ තොපිත් එකට සෙට් උනාම ගෑනුන්ට හපන්.ඕවා වැඩක් නෑ කන්නේ මොනාද යකුනේ ? දැන් කැන්ටිමට ආවේ කන්න නෙවිද කියහන්කෝ..." ඒ තවත් එකෙකි. ඉහාන්, රාකේශ්, කුනාල්, ඉසාර්, චන්දෲ, මිහිර් , ඔවුන්ගේ මිතුරු කැල සය කට්ටුවකි.
YOU ARE READING
The Scarlet Moon - රත් පැහැ සඳ 🌹🌘 || Slow Update
General Fictionලේ සඳැති රැයක රෝස මලෙක මිහිදන් කල ප්‍රේමය හංසයා දියෙන් කිරි වෙන් කරගන්නවා වගේ මායාවී සඳකට පුලුවන් ද ආදරයයි වෛරයයි වෙන් කරන්න.එකිනෙකාගේ රුධිරයෙන් කිලුටු වෙච්ච අත් දෙකක් එකතු කරන්න.පලිගන්න බලන් ඉන්න ආත්මයකට ආදරය පිරුණු ජීවිතයක් දෙන්න?