🌸 නව වන දිගහැරුම 🌸

865 144 226
                                    

🌸 ස කු රා 🌸

..

..

..

..

..

තාත්තා ඔය වෙල පහු උනාම තියෙන්නෙ තුන් වෙනි ගේ...

මොකක්ද අර කොළ පාට තාප්පෙ තියන ගෙදරද...

ආන්න හරි...

ආ ගේට්ටුව ඇරලා... මන් හිතුවෙ රෑ වෙලා නිසා එයාලා ගේට්ටුවත් වහලා දාලා ඇත්තෙ කියලා.. මගේ කටේ කෙළ ටික හිදෙන කල් අර උන්දැට කෑ ගහන්න වෙයි කියලා මන් හිතුවා හැබැයි..

අපේ වෙලාව හොදයි තාම ගේට්ටුව ඇරලා.. ලියෝත් බලු කූඩුවේ.. හැබැයි ගේට්ටුව ඇරලා තිබ්බට මොකෝ ගෙදර දොර නම් වහලා දාලා.. හයියෝ තාත්තයි පුතයි හෙන බය ගුල්ලො දෙන්නෙක් වගේ.. ඒකනෙ පොඩ්ඩක් කරුවල වැටුන ගමන් දොර ජනෙල් වහන් ඉන්නේ.. කට විතරයි යකූ බලන් ගියාම... අපේ ගෙදර දොර නම් රෑ නවයටත් ඇරලා දාලා තියෙන්නෙ.....

හෝන් එක ගහන්න තාත්තා..

මාත් බයික් එකෙන් බහින්නෙම නැතුව තාත්තව බදාගෙන දොර ඇරන් කවුරු ආවත් මාව නොපෙනෙන්න මගේ මූණත්තාඩුවත් ටිකත් හංග ගත්තා...

ආතල් එකක් ගන්නෙපෑනේ ඉතින්.. නැත්තම් නෑනේ කිසි ගතියක්...

ආපෝ කෝ මේ ගෙදර මිනිස්සු.. තාත්තා තුන් පාරක්ම හෝන් එක ගැහුවනෙ.. ඒ අස්සේ ලියෝට ආච්චි වැහිලා.. ඌ බලු සින්දුවක් කියනවා වගේ බුරනවා නන්ස්ටොප්...

වහප් කට.. ගෙරි බල්ලා...

හිතින් හිතුවට කටින් කියන්න හොද නෑ.. මන් ඒ මෝඩ බල්ලව අල්ලන්න ආසාවෙන්නෙ දැන් ඉන්නෙ... ඉතින් ඕන්නැති වැඩ කරන්න ගිහින් ඒ හාදයා මාව කෑවොත්.. අම්මෝ මගෙ බුරිය වටේට බේත් විදින්නත් වෙයි...

හුකෑස් මතක් වෙද්දිත් ඇගම හිරි වැටිලා යනවා...

ආ...

තාත්තා හතර වෙනි හෝන් එක ගහද්දි පිනාගෙ ගෙදර දොර ඇරුනේ ඉස්සරහා ලයිට් එකත් දාන ගමන්.. ම්ම්.. මෙච්චර ලයිට් තියෙද්දිනෙ මේ මිනිස්සු කට්ට කරුවලෙ ඉදලා තියෙන්නෙ..

එක අතකින් ඉතින් අද කාලේ හතර අතේ ලයිට් දාන් ඉන්න පුලුවන්ද නේද.. ඊටපස්සෙ එයි හික් ගෑවෙන ලයිට් බිලක්... ඒ තරම් අපේ රටේ පාලක පන්තිය අපිට සහනාදාර දීලනෙ තියෙන්නෙ...

༺ සකුරා ༻                                                          ✓  ZhanYi ✓  Where stories live. Discover now