18

2.3K 229 2
                                    

.
.
.

වගීශ ශිතෙව් කිව්ව ගමන්ම පිටිපස්ස බැලුව මං දැක්කෙ දෙකට නැවිලා හිටිය ශිතෙව්වයි එයාගෙ  එහා පැත්තෙ හිටගෙන ඔරවන් හිටිය ලසිදුවයි..

අඩියට දෙකට ශිතෙව් දිහාට ගියේ කොහොමද කියලවත් මට මතක නැ..හොදවෙලාවට මේ කැෆේ එකේ වැඩිය සෙනග නෑ

"ශිතෙව්ව්..ශිතෙව් පැටියෝ.."

ශිතෙව් දෙකට නැවිලා ඉන්නකොට ඇගේ ලේ වතුර වෙලා තිබ්බත්,හරියට හුස්මක් වැටුනේ..බිමට වැටිලා හිටිය ශිතෙව් අඩනවා නෙවෙයි හිනාවෙනවා කියලා දැක්කාම..මේ කොල්ලා කොච්චර හයියෙන් හිනාවෙනවද කියලා කිව්වොත් ඇස් වලින් කදුලු බින්දු දෙකකුත් ඇවිත් තිබ්බා

"හිහ්..හි..හායි හහ් හහ්"

"කොල්ලො..!!උඹ මාව බය කරා"

"හිහි සො-සොරි.."

"මෙහෙ එනවා චූටි කරදරකාරයා" කියපු මං මගෙ දිහා බලන් හිටපු අයව ගනන් ගන්නෙ නැතුව ශිතෙව්ව අත් දෙකට උස්සලා අරගෙන ගිහින් අපි වාඩිවෙලා හිටිය ටේබල් එකෙන් ගිහින් තිබ්බා..රතූ විගෙන එන කම්මුල් දෙක දැක්කාම කට කොනෙන් හිනාවක් ගියත් වගිශයි,යුවිදුයි කට ඇරගෙන මං දිහා බලන් හිටපු විදිහට මට හිනාවක් පැන්නා.

"අඩෝ..අඩෝ මං මේ ස්වප්නයක්ද දකින්නෙ?? වගියා මාව නැගිට්ටපන් බන්..මට කලන්තෙ වගේහ්!"

"අනෙ අනෙ පලයන් ඩෝ..ලසිදු මල්ලි එන්න!"

"හායි මල්ලි..නම අහලා තිබ්බට අදනේ දැක්කෙ..අයිම් වගීශ,අභීගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් මේ ඉන්නෙ යුවිදු අපෙ අනික් කෑල්ල ..නයිස් ටු මීට් යූ"

"න-නයිස් ටු මිට් යු ටූ..මේ ඉන්නෙ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලසිදු.." 

"අඩේ මට මෙයාව දැකලා පුරුදුයිනෙ" යුවිදු එකපාරටම කිව්වෙ මගෙ ඇස් දෙකත් හීනි කරලා..

"වෙන්නැති අයියෙ අපි එකම ඉස්කොලෙටනෙ ගියේ" ශිතෙවුත් සිරික්කිය දානකොට මගේ හීන් වෙච්ච ඇස් තවත් හීනි වෙලා ගියා..

"හැහ්??" ශිතෙව් යුවිදු ගිය ඉස්කෝලෙට නම් අපි ඔක්කොම එක ඉස්කෝලෙ-

" මොකක්ද මල්ලි ඔයාගෙ අනිත් නම?"

"අනුත්තර..ශිතෙව් අනුත්තර.."

මිහිදුම් සේල  - Nonfiction [Completed ☑️] Where stories live. Discover now