Chapter 4

76 15 4
                                    

වචන වලට පුළුවන් තැලුණු, පොඩි වුණ හදවතකට නැවත පණ දෙන්න, ඒ වගේම හොඳට ගැහුනු හදවතක් එකපාරින් කීතු කීතු කරන්න. කොටින්ම දරුණු වචනයකට පුළුවන් මිනිහෙක්ව ඇවිදින මළ මිනියක් ගානට පත් කරන්න. ඒ නිසා වචනයක් කටින් එළියට දාන්න කලින් කීප සැරයක් හිතන්න. පස්සෙ පසුතැවෙන විදිහට වචන පාවිච්චි කරලා දුක් වෙන්න එපා හරියට මං වගේ.😖😖😖

************************************

අද class එකේ එයා ඉන්නවා, වෙනදා වගේම හිනා වෙලා. මම කෙලින්ම ගිහින් මගේ පුටුවේ වාඩි වුණා. Professor ත් lecture එක නිකං වක්කඩ කැඩුවා වගේ කියන් කියන් යනවා.
පාඩම අහන් හිටියත් මගේ ඇස් සැරින් සැරේ එයා වටෙත් කැරකෙනවා.

 පාඩම අහන් හිටියත් මගේ ඇස් සැරින් සැරේ එයා වටෙත් කැරකෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා නම් හරිම දඟ මල්ලක්. මගේ චරිත ලක්ෂණ වලින් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත චරිතයක් තිබුණ එයා class එකේදි professor ට පවා පොඩි පොඩි විහිළු කලා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔන්න දැන් එයාට දඬුවම් පරිදි ස්ථාන මාරුවක්.

"තමුන් නැගිටිනවා. ඇවිත් මෙතනින් ඉඳගන්නවා. මාසයක් යනකන් තමුන් මෙතනින් හෙල්ලෙන්නෙ නෑ."
ප්‍රොප්පා ගිරිය පුප්පන් කෑ ගහනවා.

තරහා නොයයි ද ඉතින් ලෙක්චර් එක අස්සේ ප්‍රොෆෙසර්ට පේන්නම නිදි කිරා වැටුනම.

වාසනාවද අවාසනාවද කියන්න මම දන්නේ නෑ, එයාට දඬුවම් පරිදි හම්බුනේ මගේ අනිත් පැත්තෙ පුටුව. ඒ මදිවට මෙයාගෙ වැඩ ගැන ටිකක් බලන්න කියලත් ප්‍රොප්පා මට කියනවා ලාවට වගේ ඇහුනා.එයා කිසි ගානක් නැතුව ඇවිල්ලා වාඩිවෙලා බොරුවට පොතේ බලි කුරුටු ගානවා. ලෙක්චර් එක ඉවර වෙනකම්ම ආයෙ කාගෙන්වත් "හූම්" සද්දයක් නෑ.

ප්‍රොෆෙසර් පන්තියෙන් ගියාට පස්සේ එයා මගේ පැත්ත හැරුනා.

"මම මෙතන ඉන්න එක ඔයාට කරදරයක් ද? ඒත් කරන්න දෙයක් නෑ. අකමැත්තෙන් හරි ඉන්න වෙනවා. මගේ දඬුවම් කාලෙ ඉවර වෙනකන්."

Peony (💯✅)Where stories live. Discover now