එයාට තිබුණේ උස කෙට්ටු ඇඟක්. කෙට්ටු වුනාට එයා හරි ලස්සනයි. පස්සත් වන වන දුවන එයා දිහා බලන් හිටපු මගේ පපුව ඇතුලේ හීන් සතුටක් මුල් ඇද ගත්තා. එයාට ඒක දඬුවමක් වුනාට මාසයක් ම එයා මං ළඟ නේද කියලා මතක් වුනාම මගේ හදවත බල්ටි ගහන්න ගත්තා. මට මේ හැම හැඟීමක් ම හරි අලුත්. මීට කලින් කවදාවත්, කා ගාවදිවත් නොදැනුනු මේ හැඟීම මොකක්ද කියලා මටත් තාම තේරුම් ගන්න බෑ. හැබැයි මොක වුනත් ඒ හැඟීම විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. හරියට දැන් මගේ හදවත සතුටින් පිරිලා වාන් දානවා වගේ feeling එකක් මට තියෙන්නේ.
************************************
ගෙදර ගියත් මගේ සතුටෙ අඩුවක් නොවෙනකොට, ඒ වෙනස මගේ අයියටත් හොඳට දැනිලා තිබුණා.
"මොකද මල්ලි අද නිකං මූනේ මල් හතයි වගේ?"
"මගේ මූනේ මල්, න්..නෑ..නෑ.. එහෙම මුකුත් නෑ" මට නිකන් වචන පැටලෙන්නත් එනවා වගේ.
"නැද්ද, හ්ම් අපි බලමු "
අයියා මට නක්කලේට හිනා වගේ කට කොනින් හිනාවකුත් දාගෙන යන්න ගියා.
"ෂිට්, අයියා මොනවා හිතුවද දන්නේ නෑ"
ඕන මගුලක්. කාගෙන් හැංගුවත් මං දන්නවා මගේ හැඟීම් මටත් කලින් අයියට දැනෙන බව. එයාට මාව හරියට නිකං පෙරලපු පොතක් වගේ. අයියත් එක්ක බොරු බෑ. හැබැයි මං මගේ කටින් මුකුත් කියන්නෙත් නෑ.
වෙනදට නැති ගැම්මකින් ඉක්මනට wash එකක් දාගෙන ඇඳට පැනපු මට සැපට නින්ද ගියා. හීනෙනුත් මට පෙනුනේ බෝල ඇස් හීනි කරන් හා දත් පෙන්නලා හිනා වෙන එයාගේ ලස්සන මූන.
හිතට දුකක් කරදරයක් තියෙනකොට තත්පරයක් ගෙවෙන්නෙත් කල්පයක් වගේ වෙනකොට, සතුටින් කල්පයක් හිටියත් අපිට දැනෙන්නේ ඒක එක තත්පරයක් වගේ පුංචි කාලයක් විදියට.
පිටට අනිත් හැමෝටම මම කලින් හිටපු සීතල මූණම වෙනකොට, එයා ඉස්සරහ මම ජීවත් වෙන්න පටන් ගත්තා. ඇත්තම කියනවා නම් එයා මට ටිකින් ටික ජීවිතේ ඉගැන්නුවා. කා එක්කවත් ලොකුවට හිනා නොවෙන මම එයාට විතරක් මගේ ලස්සනම හිනාවෙන් සංග්රහ කළා, එයාටම විතරක්. මේ මුළු ලෝකෙන්ම එයාට විතරක්, මම එයා වෙනුවෙන්ම මංම හදපු සිංදුවක් කිව්වා.
YOU ARE READING
Peony (💯✅)
Fanfictionමතකයන්ට පුළුවන් මිනිස්සු හරි ලස්සනට ජීවත් කරවන්න....... ඒ වගේම මතකයන්ට පුළුවන් මිනිස්සු නොමරා මරන්න..... ජීවිතය කියන්නේම අම්බලමක්..... විවිධාකාර මිනිස්සු හමුවෙනවා....ඒ අය අපේ ජීවිත වලට විවිධ විදියට බලපෑම් කරනවා....ආයේ නොකියම යන්න යනවා....