9 කොටස 😱🐱👻🤣

182 24 9
                                    

ඔවුන් නිවස තුලට ගියා...යීබෝ හිටියේ දැඩි බියකින් ඒ හිංදා ඔහු ශාන් පසුපස හිටියේ...ශාන් කිසිදු බියකින් තොරව මුළු ගෙදරම පරීක්ෂා කරා....

ඔහුගේ පූස් කන් වලට සියුම් ශබ්ද පවා ඇසෙන්නට උනා...ඔහුට තේරුනා යම් කිසි අත්භූත බලවේගයක් මේ නිවස වටා තිබෙනවා කියලා...මේ ගැන යීබෝට පැවසුවොත් ඔහු බිය වේවි කියලා හිතුන ශාන් ඔහුට මුකුත් නොකියා හිටියත් තමන්ගේ ජීවිතය ගැන නොහිතා යීබෝව ආරක්ෂා කරන්න හිතුවා....

නිවසේ සියල්ලක්ම සුදු රෙද්දෙන් වහලා තිබ්බ නිසා යීබෝට හැමදේම පෙනුනේ අවතාර ලෙසින්.....

" ශාන් අපි යමුකෝ පස්සේ දවසක එමු හාද" යීබෝ බයෙන් ගැහී ගැහී කියද්දි ශාන් ඇස් රෝල් කරා

" බබෙක් වෙන්න එපා යීබෝ...මං ඉන්නකම් ඔයා මොකටද බය වෙන්නේ හ්ම්??"

" අනේ මේ ඔයා ඉන්න එකම තමයි මට තියෙන එකම බය හ්ම්ක්" යීබෝ කටත් ඇද කරගෙන එහෙම කිව්වා...ඊට පස්සේ ශාන් මුලින්ම ගියේ කුස්සියට..එහි පුස් ගදක් දැනුනා...ශාන් නහය ඇකිලුවා....යීබෝට දැනුනේ වමනේ යන්න වගේ....

" ශාන් වාව් වාව් මේ ගෙදර මරේ මරු නියමයි...අපි මේ තැන තෝරගමු වැඩේට ඉවරයි දැන්වත් අපි යමුද'", යීබෝ කෝච්චිය වගේ කියවගෙන ගියේ ශාන්ගේ අතින් අදිමින්....එයාට මේ තැන පෙන්න බෑ..මොකට theme එකට horror තෝරගත්තද මංදා

"ශාන්"

"හ්ම්"

"ඔ...ය්..යාට තාම ඒක දැනෙනවද මං කිව්වේ අර negative energy එක?"

"හ්ම්"

" එහෙනම් අපි යං"

ශාන් හූමිට තිබ්බා විතරයි යීබෝ බයෙන් අපි යං කියලා ශේප් එකේ යන්න හැදුවත් ඉක්මන් උන ශාන් යීබෝගේ පිටුපස කොලර් එකෙන් ඇදලා ඔහුව නවත්තගත්තා....

" කොහෙද යන්නේ???හ්ම්ම්?"

"ගෙදර යමු..ගිහිල්ල අපි script එක හදමු එහෙම හොදයි නේද?..දැන් අපි ගෙදර චෙක් කර ඇති යං යං"

" අපි දැන්නේ ආවේ ආපු ගමන් යන්න මට පිස්සු නෑ යීබෝ...විකාර කරන්නේ නැතුව මගෙ පස්සෙන් එන්න" ශාන් තියුණු හඩින් එහෙම කියලා පඩිපෙළන් උඩ තට්ටුවට ගියා.....

My cat boyfriend 🐱🖤✔️ | Zhanyi  sinhala love Bl (,completed )Where stories live. Discover now