පස්වන ගෙතුම 💛

107 21 14
                                    

ලමයිනේ..ඔයාලා මුලින්ම තේරුම්ගන්න ඕනේ රජකාලේ කවදාවත්ම සමලින්ගික ආදරයකට ඉඩක් තිබුනේ නෑ කියන එක...  ඒක ඒ කාලේ තහනම් දෙයක්..🥲🤓
අනික කතාවේ කවර් එකයි, Description එකයි බැලුවම ඔයාලට මොනවහරි තේරේවී ඒයි..මොනවා උනත් මේක Happy Ending❤💚😌...

.......................................................................

'ටන්ග් සන්..'

'අප ඔහු අසලට යා යුතුයි ශිචෙන්...'

'ඔබට විශ්වාසද?'

'ම්ම්..පැමිණෙන්න..ඔවුන් කොහිද සිටින්නේ?'

'මා ඔබට පෙන්වන්නම්..'

ශිචෙන් ඔහුව ඉක්මනින් එම කුටිය අසලට කැදවාගෙන ගියත් එහි සිටි මුර සෙබලුන් දෙදෙනා ඔවුන්ගේ මග අවහිර කරන්නට උනා..

'කමා කරන්න කුමරුනි..ඔබට ඇතුල්වීමට නොහැකියි...'

'පසෙකට වන්න...'

ටන්ග් සන් කුමරු තම කේන්තිය පාලනය කරගනිමින් පැවසුවත් ඇතුළතින් ඇසුණු ශී යුන්ගේ සිහින් ඉකි බිදුම් හඩ හේතුවෙන් ඔහුගේ කේන්තිය සීමාවන් පැන යන්නට උනා...

'කුමරු-'

'පසෙකට වන්න...මෙය රාජ අණක්...එසේ නැතිනම් ඔබගේ-'

'ඔබට ඇතුළට යාමට හැකියි කුමරුනි..කමා කරන්න මා හට..'

කුමරු රවා බලමින් ශිචෙන් සමගම කුටියට ඇතුල් වෙන්නට උනේ කුටියේ සිටි රජු,මහා අමාත්‍ය ෂෙන් ෆෙයි මෙන්ම ශී යුන්ද ඔහු දෙස හැරී බලද්දී...

ශී යුන්ගේ ලා රෝස පැහැ කොපුල් හරහා ගලා යන කදුලු බිදු දුටු විගස කුමරු වේගයෙන් ගොස් ෆෙන්ග්මියන් රජුගේ ඇදුමේ උඩුකරෙන් තදින් අල්ලාගෙන ඔහුව බිත්තියට තද කරගන්නට උනා....

කුමරුන්ගේ දෑස් රත් පැහැවී ගොස් තිබියදී රජුට තම පුතණුවන්ගේ ඔහු කිසි දිනක දැක නොමැති පැති කඩක් අද දින දැකගන්නට ලැබුනේ රජුද බියවී මෙන් කුමරුන් දෙසම බලා සිටිද්දී...

'ඔහුගෙන් සමාව අයැද සිටින්න...මා ඔබටයි පවසන්නේ..ඔහුගෙන් සමාව අයැද සිටින්න..ඔබට කිසිදු අයිතියක් නැහැ ඔහුගේ දෑස් වලින් එක් කදුලක් හෝ වැට්ටවීමට...'

It's Always You (Zhanyi Sinhala FF)Where stories live. Discover now