4 කොටස

144 11 2
                                    

අනේ මන්ද මේක මට තාම මැවි මැවි පේනවනෙ .මේ යකා නම් .මම හිත හිතම නිදාගන්න ගියා . අනේ මගෙ සීය තාත්ත මොකක් කරනවද දන්නෑ . දැන් මෙහේ ඇවිත් මාස දෙකක් වෙනවා සීය තාත්තට කතා කරන්නනත් බැරි උනා . අවුලක් නෑ මේ අප්‍රේල් වල ආච්චි අම්මගෙ අවුරුදු තුනේ දානෙ එනවනේ ඒකට ගිහින් සතියක් විතර ඉන්නවා . සිතිජ මොනා කරනවද දන්නෑ . මම මොකටද ඌගැන හිතන්නේ ඇටිකෙහෙල . මම ඒක හිත හිත සිංදුවක් කිවුව .

" චූටි පුතා ඕක නවත්තල නිදාගන්නව ."

අනේ ඇත්තමයි මලී නෙමෙයි අකුණ කියල දාන්න තිබ්බෙ .ඇයි අප්ප මම කියන හැම සිංදුවකටම අකුණු ගහනවනේ .

" හා හා අනේ ......."

Beep Beep

අනේ ඇත්තමයි අපේ ගෙදරට කුකුලෙක් ගේන්න ඕන . එලාම් එක තිබ්බට වැඩක් නෑ නේ අද නැගිටින කොට හයයි . ඉක්කමනට ලේස්ති වෙලා පැන්න පාරට . කොහොම හරි බස් එක අල්ල ගත්ත . මේකෙ යනවට වෙනම ගානක් දෙන්න වෙනවා ඇයි අප්ප . ඉස්කෝලෙට යනකොට හතයි පැය බාගයක් යනවා . කලබලේට හරියට රෙදිටික ඇන්දද කියල බැලුවෙ ඉස්කෝලෙ ගේට් එක ලගදි . සුභ මොහොතින් පය තියනකොටම මෙනුර කතා කලා . මම උගෙ පැත්ත බලන්න ගිහින් තාඩින්ගෙන් හොම්බ ලෙෆ්‍ට් වෙනවා . මේක කොහොමත් පිරියඩ් කට් කරන එකානේ . අපිදෙන්න ඉතින් සුහද ශීලි කතාබහක් කරගෙන යනකොට හෙනයක් පාත් උනාවගේ ප්‍රදීප් ආව . Math lab එක ගාවින් මෙනුර ගියා මිස් කෙනෙක් හම්බෙලා එන්නම් කියාල . එතන ඉදල ඉතින් ප්‍රදීප් එක්ක පංතියට ගියා යනකොට සිතිජ ඉදියා ඒක මූනවත් බැලුවෙ නෑ . මම හිතන්නේ ඒකට ලැජ්ජාවද කොහෙද . මම ගිහින් මම ඉන්න තැනින් බෑග් එක තිව්වා .ප්‍රදීපයත් බෑග් එක තියල මං ඉන්න තැනට ආව .

" මේ සන්දීප අදනම් මට තොගේ රෙද්ද අන්දන්න බෑ හොදේ ."

අම්මප මූනම් නම්බුව ලෙෆ්ට් කරනවනේ .

" හු## කට වහගනින් පොල්පිති හරක "

" ආ............. වරකෝ ප්‍රදීප් මේක ඇදගන්න බෑ තවටික දවස්කින් තොගෙ ජොකත් අන්දන වෙන්නෙ මට "

" මොනාද හු## කියවන්නෙ"

උදේපාන්දර මූට අමු කැවිලද පංතියම අපිදෙන්න දිහාබලාගෙන . ඊට වැඩිය හපන් මගේ ඇටිකෙහෙල .මගේ කියන්න බෑනේ ඌඑකෙක්‍ට කැමතිලුනේ . මගේ දිහා කන්නවගේ බලාගෙන ඉන්නව . ගාථ කියන්න තව වෙලා තියන හින්ද මම ගියා පල්ලෙහාට . මම පල්ලෙහාට ගියාට පස්සෙ විනාඩියක් යන්න උනේ නෑ අර අටිකෙහෙල ආව .

You've reached the end of published parts.

⏰ Last updated: May 01, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

නොනිමි♥︎ ( 𝒀𝒊𝒛𝒉𝒂𝒏 𝑩𝒍 𝑺𝒕𝒐𝒓𝒚 )♥︎Where stories live. Discover now