chapter 01 🍂

985 54 39
                                    

Fiction is fiction. If you can't understand it, please leave......🙂😌🍃

This is my story.. this is my own.. this is my opinion.   So if you don't like these, don't waste your time and please leave it
________________________________________________________________________________

හ්ම්ම්ම්... මං තාම කල්පනා කරන්නෙ මේ ගමන යන්නම ඕනාද කියලා. මං දන්නවා දැන් මට හැරෙන්න බෑ කියලා මොකද දැනටමත් අපි ගමනාන්තයට කිට්ටු වෙලා තිබුන නිසා. අද උදේ ඉදන් මගෙ හිතට මොකක්දෝ මන්දා අමුතු හැගීමක් දැනෙනවා. මගෙ ගතයි හිතයි දෙකම අමුතු සීතලකින් වෙලාගනිද්දී මට හිතුනෙම මගෙ ජීවිතේම මේ ගමන නිසා සම්පූර්ණයෙන්ම වෙනස්වෙයි කියල. ම්ම් සමහර විට පවුලෙ අයගෙන් ඈත් වෙලා ඉන්න පලවෙනි පාර මේක නිසා වෙන්න ඇති. එහෙමත් නැත්තම් නුවර ගියාට පස්සෙ වලකජ්ජවත් ගහයිත දන්නෑ.

ඉහිම් ඉහිම් එහෙම උනොත් නං හරි අපරාදෙ හැබෑ.. ම්හුම් තාම බබෙක් හැදුවෙත් නෑ අෆ්ෆා. හුවෑඈඈ අනේ මගෙ දරු සුරතල් බැලීමේ සිහිනය. මේ සේරම මුස්පේන්තු හැගීම් මගෙ හිතට ගලාගෙන එන්න ගත්තෙ අද ගමනට අදින්න කියලා හිතාගෙන ඊයෙ රෑ හෝදලා මැශින් එකේ දාලා වේලලා ලා තෙත ගතියක් තිබ්බ නිසා වැඩි හොදට කියලා වැලට වේලෙන්න දාපු මගෙ අලුත්ම CK ඩෙනිමෙ ඉණ හරියෙන් පත කෑල්ලක් ගෙවල් ළගට ගෙනල්ලා දාපු බල්ලෙක් කාලා තිබ්බ නිසානෙ අනේ. ශීක්! නෙදඅඅඅඅමකිං මගෙ දවසම කෑවා හිකනල් බල්ලා... ගමනක් යන්න හදද්දී ඔය වගේ දේවල් වෙනවා නේද මට පෙන්නන්නම බෑ අයියෝ. හරිම හිකනල් අෆ්ෆා..

ම්හුම් ඔයාලාට කියන්න ඒයිලා මං කිව්වා.. මං කිව්වා.. නන්දාවතී නැන්දට ඕක වැලට දාන්න එපා බල්ලා කයි කියලා.. එතකොට එයා කිව්වෙ සුදු බේබි බය නැතුව ඉන්නකො මෙදා සැරේ ඌ කලිසම කන්නෙ නෑ කියලා.. ම්හුම් ඇයි යකෝ වෙනදට කිය කියද ඒකා වැල් වලට දාන රෙදි කෑවෙ සෙම්ද.. ඔයාලට කියන්න ඒයිලා ඕකා මේ ලගදී අපේ චූටි අයියාගේ යටකලිසමක හරියටම පල්ල කාලා තිබ්බනෙ අනේ. එහෙව් සිද්ධි වෙලා තියෙද්දීත්නෙ අනේ නන්දාවතී නැන්දාට මගෙ ඩෙනිම වැලට දාන්න ඕනා උනේ. මං කොච්චර කිව්වද කොහෙද ඉතිං එකෙක් මං කියන දේ ඇහුවෙ නෑ එකෙක්.. ම්හුම් මගෙ සැව්ල නෑනෙ අනේ සැව්ල. මටත් සැව්ල තිබ්බානං මං කියනදේත් අහයි.. අවසානෙට මොකක්ද උනේ.. මං අහන්නේ මොකක්ද උනේ.. මං ආසම ඩෙනිමෙ ඉණේ තැන්තැන් වලින් බල්ලා කාලා තිබුණ එක. අනේ ඉතිං මායි අම්මායි අයියලාගෙ දැඩි විරුද්දත්වය මැද පව්නෙ කියලා කන්න බොන්න දීලා බලාගත්තානෙ. ම්හුම් ඕකට තමයි කියන්නේ කන්න දීපූ අත හපාකනවා කියලා අනේ.

SINDHAGANAWI 🍃Where stories live. Discover now