මන් එයා දිහා බලද්දි ඒ ඇස් මං දිහාම බලා ඉන්නවා...මන් කොහොම කියන්නද එයා ලග මන් නිරුත්තරයි.මොන දේ උනත් ආය ආය එයා ලගටම ඇදිලා යන හිත හරි මුරණ්ඩුයි.
"සයාශ්"
"අයාන් මට විදූ එක්ක..."
"හරි මන් යන්නම්"
"එපා බන් උබ ඔහොම හිටපන්...විදු එන්න"
එයා මගෙ අතින් අල්ලන් නැගිට්ටවලා මාව එහෙම්ම ඇදන් යද්දි මන් කලේ එයා දිහාම බලා හිටපු එක.එයා මාව ඇදන් යනවා සෙරප්පු දෙකක් තියා නිකන්ම නිකන් මගේ කකුල් දෙක ඔහේ ඇවිදගෙන යනවා එයගෙ අඩි එක්කම.එයා මාව මෙච්චර වෙලා ඇදන් ගිහින් නතර උනේ කැන්ටිමට එහා ලොකු ගහක් ලග...එතනට මම මීට කලින් ඇවිත් නෑ.එතන කිසිම කෙනෙක් ගැවසෙන තැනක් කියලා පේන්නෙත් නෑ.
"ආ....ව් අනේ"
මෙච්චර වෙලා හිස්ව තිබ්බ කකුල් දෙක ගල් ඇනිලම රතු වෙලා....එයා දැන් තමා මගෙ කකුල් දෙක දැකලා තියෙන්නේ....
"විදූ....රිදෙනවද කකුල"
"ම්ම්...අව්ලක් නෑ...අයියේ...මාව අත අරිනවද දැන්වත්"
"විදූ මේ අහන්නකෝ"
ඔයා මන් මෙච්චර වෙලා අයාන් අයියට කියපු දේවල් අහන් නෙමේද අයියේ හිටියේ...
"විදූ...මන් ඔයාලගෙ චේන්ජින් රූම් එකට ගියේ ඔයාගෙ සපත්තු දෙක නිසා"
ඇත්තටම මන් ඒකට වචනයක්වත් කිව්වේ නෑ...මං ඒ වෙනුවට කලේ එයාට හිනාඋන එක.
"ඒක වෙන්න ඇති නේද අයියේ රෙහාන් ඔයාව.....සොරි අයියේ...අනික මේ අහන්න..ඔයා මට මේවට උත්තර දෙන්න ඕන නෑ..මන් යනවා"
"විදූ....please...මන් උත්තර දෙන්නම්"
"එපා අයියේ උත්තර එපා...මොකටද උත්තර...අනික මන් කව්ද අනේ ඔයාගේ...ඔයා මොකටද ඕවට මට උත්තර දෙන්නේ"
"විදූ....මන් කියන එක අහනවද නැද්ද"
ම්ම් මන් මොන සද්දෙ දැම්මත් එයා සද්දෙ දාද්දි මට ඒකට වචනයක්වත් කියන්න බැරි වෙනවා...ඒකනේ මේ ඔක්කොටම මුල.
"ම්ම්...කියන්න"
"මන් මගේ වැඩකට අයාන් එක්ක ක්ලාස් එකට යන්න හදද්දි මම දැක්කා රෙහාන් මල්ලි සපත්තු දෙකකුත් අරන් ඔයාලගෙ චේන්ජින් රූම් එක පැත්තට යනවා..එයා ඒ වෙලේ එතන ඉන්න ඕන කෙනෙක් නෙමේනේ ඉතින් මන් අයාන්ව නවත්තලා එයා පස්සෙම ගියා...යද්දී එයා ඔයාගෙ shoes දෙක ඔයාලගෙ බෑග් තියන table එක අස්සට දානවා මන් බලාගෙන...එතකොට තමා මන් එයාව අල්ල ගත්තේ...ඒ උනාට රෙහාන් කලේ මගේ බඩට පයින් පාරක් ගහපු එක...මොකද ඌ දැක්කෙ නෑ ඒ මං කියලා...මම නැගිටලා රෙහාන්ට කම්මුලටත් පාරක් ගහලා බනිද්දි තමා ඔය දේ උනේ...අනික රෙහාන්ගෙ හිතේ මන් ගැන මොනාද තියෙන්නේ කියලා මන් දන්නේ අද ඊයෙක නෙමෙයි විදූ...අයාන්ගෙ ඇදුනුම්කමට මන් එයාට අකුරක් හරි උගන්නව්වා ඇරෙන්න මං වෙන දේවල් හිතේ තියන් එයාට උගන්නව්වේනෑ.අද එයා එයාගෙ සීමාවෙන් එහා ගියා තමයි...ඒත් එහෙම දෙයක් වෙයි කියලා මන් හිතුවේ නෑ විදූ...මන් එයාට හොදටම බැනලා එතනින් යන්න හදද්දි තමා.."

YOU ARE READING
විදූ.....(Complete)
Lãng mạnකලූ පාට ඝන ඇස් බැමි උල් නහය එක්ක මට පේන්නෙම ඒ තොල්. තෙත් වෙලා තිබුනු ඒ තොල් වලට මගේ හිත හරි ඉක්මන්ට ඇදිල ගියේ කෙල්ලෙක් දකිද්දිවත් දැනෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක. ඇත්තටම එයා දිහා බලන ඕන කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන් නෑ.ඒ තරන් නිවුන ලස්සනක් තිබුනේ.මූ...