Chapter 02
අද සිකුරාදා. උදේම ඉස්කෝලේ ගිහින් එහෙම්මම ගෙදර ඇවිත් කාලා පරක්කු වෙලා නිසා වොශ් එකක්වත් නොදාම මම chemistry class ආවා.වෙනදනම් එහෙම ගෙදර යද්දි අනිවාරෙන් අම්මා හරි ඉන්නවා. මොකෝ අම්මා කියලත් ජොබ් එකක් කරන එකක්යැ. ඒත් අද ගෙදර යද්දි කවුරුත්ම ගෙදර හිටියෙ නෑ. තාත්තාගෙන් ඇහුවාම කිව්වේ අම්මාගෙ අප්පච්චිට heart attack ඇවිත් එයාව බලන්න නුවර ගියා කියලා.
අපේ අම්මගෙ අප්පච්චි ආමි එකේ මනුස්සයෙක්. ඉතින් ඉස්සර යුද්දෙ කාලෙ එහෙම නිසා එයා වැඩි හරියක්ම ගෙදර ඉඳලත් නෑ. එත් ඉතින් එන්නෙ කවද්ද එදාට හොඳට බීල බීලා ඇවිත් අපේ අම්මාගෙ අම්මාට, ඒ කිව්වෙ අපේ කිරි අම්මාට බනිනවයි, ගහනවයිලු. කොහොමහරි ඉතින් දවසක් රණ්ඩුවක් වෙලා කිරිඅත්තා කිරිඅම්මාව මරන්න හදලා. ඊට පස්සේ අම්මයි, අම්මගෙ නංගිලා දෙන්නයි , මල්ලියි මැද්දට පැනලා ඒක නවත්තලා තියෙන්නේ. ඊට පස්සේ ගෙදරින් ගියපු කිරි අත්තා අයෙ කවදාවත් ගෙදර ආවේ නෑලූ. කොහොමහරි අපේ අම්මයි තාත්තායි බැන්දයිනුත් පස්සෙ ආරංචි වුණාලු කිරි අත්තා අයේ වතාවක් කසාදයක් කරගෙන නුවර ඉන්නවා කියලා. ඒ නිසා ඉතින් අම්මලත් එයාගැන වැඩිය හොයල බැලුවෙනෑ.
ඒත් පස්සේ කාලෙක එහෙමනම් එයා අපේ අම්මට කතා කරලා තිබ්බා, එතකොට ඉතින් අම්මත් කතා කරලා තිබ්බා. මොනාවුනත් ඉතින් එයාගෙ අප්පච්චිනේ.
කොහොමහරි ඉතින් එදා එයාට හාර්ට් ඇට්ටෑක් එකක් ඇවිත් ඒක හෙනම දුර්ලභ ගනේ එකක්ලු...1000කින් 1කට වගේ හැදෙන එකක්ලු කියලා ඩොක්ටර්ස්ලා කියලා.
අද chemistry class ඉවරවෙලා ගෙදර එද්දි 8.30ට විතර ඇති, අනික හෙට උදේ ආයෙම මැත්ස් ක්ලාස්. ඒ නිසා එන ගමනුත් හිත හිත ආවෙ ගෙදර ඇවිත් වැඩ ටික ඉවර කරලා පොඩ්ඩක් නිදාගන්න එක ගැන. එත් ගෙදරට ආපු ගමන් හිතේ ඉතිරි වෙලා තිබ්බ පොඩිම පොඩි නිදහසත් නැත්තටම නැති වෙලා ගියා.
" ඔයාට දැන් මාව එපා නේද? වෙනදා මන් ගමනක් ගියොත් ඉන්නෙ කොහෙද , කෑවද, බිව්වද අරවමේවා ඔක්කොම හොයලා බලනවා, ඒත් දැන් එහෙම නෑ ඔයා"
"පිස්සුද තමුසෙට ? අනේ මේ මහන්සි වෙලා වැඩ ඉවර වෙලා ආවේ. පොඩ්ඩක් වද නොදී ඉන්නවකෝ, මොනා වෙනාද මන්ද මේ ගෑනිට හිටිහැටියෙම"
YOU ARE READING
සඳමල | Moon flower
Fanfictionකොච්චර හිතට දුකක් ආවත් එයා ඇවිත් ඒ අත් දෙක මගේ දිහාට දික් කරලා ඒ උරහිසේ අඩන්න අයිතිය මට විතරක්ම දෙද්දී , ඒ පපුවට තුරුල් වෙලා එයාගෙන් එන ඒ සුවද දැනගෙන උන්නේ මම විතරක්ම වෙද්දී , හැමදාම හැමතැනම එයාවම මේ ඇස් හොයන එක වැරැද්දක්ද ? එයාගෙ සුවඳම හැමතැනම හොයන...