Chapter 03
"සතියක් ගෙවිලා යනවා දැනුනේවත් නෑ නේද බං?"
"ම්ම්හ්..... ආහ් මේහ් අද ඉස්කෝලේ ඉවර වෙලා පලයන් ආනුල්ගෙ යාලුවාට උගන්නන්න, හරිද? ඒකා බලන් ඇති මොකක්ද බන් ඒකාගේ නම, ම්ම්හ්...... මට මතක නෑනේ ඕයි... ඒත් එයා ගැන කියපූ ගමන් මගේ ඔලුවට එන්නෙ මුහුද "
"ආහ් එ..එයාගෙ නම රුමාක්ශ"
"අන්න හරි රුමාක්ශ, ආහ් මං මේ උබව අල්ලගන්න හිටියේ. උබ අර ඉස්සර කියව කියව හිටියෙ කෙල්ලෙක් ගැන. ඒකි උබට හා කියලවත් කිව්වද ඕයි."
"හාආආආආආආආආආආආ................................................ඇයි උබ එහෙම අහන්නේ"
"නෑ දැන් උබ කොයිවෙලේ බැලුවත් ඉන්නේ මනෝපාරක. ඉස්කෝලේ ආවත් ෆ්රී පීරියඩ් එකක් සෙට් වුන ගමන් හතර වටේ වට රවුම් සන්චාර යනවා, බලාගත්තු අත බලාගෙන ඉන්නවා, තනියම හිනාවෙනවා. මේ පුතෝ උබ ඕන එකෙක් එක්ක යාලු වෙයන් ඒත් ඔය තාම ලගට ගිහිල්ලා කතාවත් කරලා නැති කෙල්ලෙක් නිසා උබේ වැඩ නිකරුනේ පාඩු කරගන්න එපා. උබට හිතේ තියන් ඉන්න බෑ වගේ නම් මට කියලා දාපන්"
"සිරාවටම බන් මං උබට කියන්න තමයි හිටියේ,අනික මට කාගෙන් හංගුවත් කිසිදෙයක් උබෙන් හංගන්න බෑ කියලා උබම දන්නවනේ. මං කෙනෙක්ට කැමතී තමා. ඒත් එයා..මේහ්හ්...එයා.."
"අනේ බං තටබන්නේ නැතුව ඕක කියපන්කෝ, රෙද්ද"
"හරි හරි බන්, හිටපන්කෝ රෙද්ද. Nervous වෙනවා කියලා දෙයක් උබ අහලා නැද්ද. ඇයි අනේ..."
-
-
-
-
-
-
(A FEW MOMENTS LATER)
"මේ ඕයි අහපන්කෝ... මට දැන් කියන්න පුලුවන්"
"නෑ නෑ දැන් මට අහන්න ඕන නෑ"
"අඩෝ අඩෝ පර වැඩ කරන්න එපා බල්ලෝ, අහපන්කෝ... හා දැන් උබ මගේ පැත්ත හැරෙන්නෙම නැද්ද .... හැබැයි මම කෑගහලා කියනවා උබට එදා බස් එකේ යද්දි..................."
ඌ එහෙම කියද්දිම මං හිතන්නේ මගේ මොලේට හුටස් ගාලා සංඥාවක් ගිහින් උගේ හැකර කට මගේ ග්රහනයට ලක් වුණා.
YOU ARE READING
සඳමල | Moon flower
Fanfictionකොච්චර හිතට දුකක් ආවත් එයා ඇවිත් ඒ අත් දෙක මගේ දිහාට දික් කරලා ඒ උරහිසේ අඩන්න අයිතිය මට විතරක්ම දෙද්දී , ඒ පපුවට තුරුල් වෙලා එයාගෙන් එන ඒ සුවද දැනගෙන උන්නේ මම විතරක්ම වෙද්දී , හැමදාම හැමතැනම එයාවම මේ ඇස් හොයන එක වැරැද්දක්ද ? එයාගෙ සුවඳම හැමතැනම හොයන...