Car එකට නැගල වටපිට බලපු සූබිට හිතුන මේක නම් ලොකු සල්ලිකාරයෙක්ගෙ වෙන්නෝන කියල.
මොකද ඒ තරම් සැප පහසු වාහනයක් මීට කලින් සූබි දැකලම නෑ.🥲⚜
සංවර විදිහට වාඩි උන කෙල්ල ටිකකට බැලුවෙ දනහිස දිහා....
" ආව් ..... ඒක මං හිතුවට වඩා රිදෙනව නෙහ්😟" සූබිට කිය උනා.
ඒත් එක්කම driving seat එකේ වාඩි උන අජස්සි "සොරි සර් late උනාට" කියල එහා seat එක පැත්තට හැරිල කිව්වමයි සූබි දැනගත්තෙ එතන කෙනෙක් ඉන්නව කියල.
සූබිට ඒ හිටපු කෙනාගෙ මූන හොඳට පෙනුනෙ නෑ.
ඒත් කෙල්ල හිතුව car එකේ අයිතිකාරයා එයා තමා කියල.ජීවිතේට දැකලවත් නැති පිරිමි දෙන්නෙක් එක්ක යන්න සූබිට බයත් හිතුන .
ඒත් දැන් කරන්න දෙයක් නෑ. කෙල්ල ඉන්නෙ වාහනේ ඇතුලෙ😐
කිසි කතාවක් බහක් නැතුව එයාල යනවා. ඒ අස්සේ සූබිට මතක් උනේ uni යන්න පරක්කු වෙනව නේද කියල.
තව විනාඩි 20 යි තියෙන්නෙ Gate වහන්න.කටහඩ අවදි කරපු සූබි අජස්සිට කිව්ව "ඇත්තටම මට දැන් අමාරුවක් නෑ අජස්සි. ඔයාලටත් late වෙනව නේද මං නිසා. මියානෙයෝ 😪" කියල.
"ඒකට කමක් නෑ දුවේ .. ඔයා එහෙම කියන්න එපා.මේක මගේ වැරැද්දක්. මං බෙහෙත් දාල දුවව campus එකටම ගෙනත් දාන්නම්" කිව්ව අජස්සි ට කෙල්ල ආයි ආයි කීවෙම hospital යන්න බෑ කියල.
මෙච්චර වෙලා සද්දයක්වත් නැතුව හිටිය අනිත් කෙනා එකපාරම අජස්සි ට කිව්ව "එහෙනම් බල කරන්නෙ නැතුව ගෙදරින් බෙහෙත් ටිකක් දාන්න" කියල.
😳😳😳😳😳😳😳?????
කෙල්ලට මොකක්ද වගේ උනා එක පාරම.
YOU ARE READING
Moon Light 🌙🔞 (Short) KTH ff ✅
FanficSinhala Taehyung ff ⚜ 18+ KTH G ^ B "යාහ්....තමුසෙ කොහොමද මගේ ඉස්සරහ මගේ යාලුවට අත තියන්නේ,? " සූබි හයියෙන් කෑ ගහගෙන දුවගෙන ආවා. මාස්ක් එකක් දාගත්තු හුරුපුරුදු කොල්ල hae in ව අතෑරල පස්සට උනේ කෙල්ල ගෙ කටේ සද්දෙට...