"කොච්චර කැමති නෑ කියලා හිතුවත්, මේ හිත නවතින්නෙම එතන. කොච්චර එපා කියලා තරවටු කරගත්තත් හැමතිස්සෙම හිතෙන්නෙම එයා ගැන. "
________________________________________
එක ලස්සන හැන්දෑවක්.
හං ගඟ ඉවුරෙ තනා තිබුන කුඩා ලී පාලම මධ්‍යයෙ එක සුන්දර ගැහැනු ළමයෙක් විතරක් තනිවම ඈතින් පේන නගරය දෙස බලා සිටියේ විටින් විට ඇයගෙ අත් ඔරලෝසුව දෙසත් බලන ගමන්මයි.
කවුරුන් හෝ පැමිණෙන තෙක් ඇය එතන රැදී සිටියා. දම්,තැඹිලි පැහැ මිශ්‍ර සැදෑ අහසේ සුන්දරත්වයත්,ඇය සිටින තැනත්, ඒ වගේම ඇයත් ගෙනාවේ අමුතුම සුන්දරත්වයක්.
මේ වෙලාවෙම ඇයව මුණ ගැසීමට මෙන් කඩවසම් තරුණ පිරිමි ළමයෙක් පැමිණියේ ඔහුව දැක ගැහැනු ළමයගෙ මුවෙහි සුන්දර සිනාවක් ඇදෙනවත් එක්කමයි.
ඇය වෙතට සෙමෙන් පැමිණි ඔහු ඇයගෙ බඳ වටා දෑත් යවමින් ඇයගෙ මුහුණ වෙත සෙමෙන් සෙමෙන් ළං වුනා...
නමුත් ඒ එක්කම...
'ට්‍රීන්...ට්‍රීන්...ට්‍රීන්...'
ර්‍ර්ග්...උදේ පාන්දරම එලාම් ඔරලෝව බෙරිහන් දෙන්න ගන්නෙ හැමදාම වගේ මගේ ලස්සන හීන කුඩු පට්ටම් කරළා සුනු විසුනු කරළා දාලම තමයි.
අඩුම ගාණේ හීනෙකින් හරි මට ඒකිව සෙට් කරගන්න දෙන්නෙම නෑනේ. කැරි ඔරලෝසුව.
ඔම්මා උපන්දිනේට කියලා ගෙනත් දීපු එලාම් ඔරලෝසුවටත් දෙහි කපන ගමන් කම්මැළි කමේම ගිහින් සීතල වතුරෙන් ඇග පෝඩ්ඩක් සෝදගෙන මේ ලෑස්ති වුනේ හැමදාම වගේ මගේ දවසේ රාජකාරියට පිටත් වෙන්න.
වෙන මොකක්ද්ද අනේ ඉතින්. ඉස්කෝලෙ යන එක තමයි. මඟුල, තව අවුරුදු දෙකක්ම බඩ ගාන්න එපැයි.
"ඔම්මේ...මගෙ ඔම්මේ.........."
ලෑස්ති වෙලා ගෙදරටම ඇහෙන්න සද්දයක් දාගෙන කුස්සිය පැත්තට ගියේ මං අවදි වෙලා ඉන්නෙ කියලා අපේ ගෙදර මිනිස්සුන්ට දැනුවත් වෙන්නත් එක්කමයි.
YOU ARE READING
NOBODY LIKE YOU |YM (Ongoing)
Fanfiction"I don't like that boy. But I love him. Because I have never met anyone like him. Nobody is like him" ____________________ 2024/05/17