ජිමින් හිටියෙ ප්රින්සි එක්ක අර හං ගඟ ගාව පාලමේ. ප්රින්සි හිටියෙ ජිමින්ගෙ අත් දෙකෙන් අල්ලන් මොනවට හරි දුකින් වගේ.
"මට මේකට කැමති වෙන්න බෑ ඔප්පා.මාව ටිකක් තේරුම් ගන්න බලන්න."
"ඔයාගෙ හියුන් නේද ඒකට හේතුව?"
"මට සමාවෙන්න ඔප්පා."
එහෙම කියලා ප්රින්සි යන්න හැදුවත් එතනට ආව කෙනෙක් ප්රින්සිගෙ අතින් ඇදලා එයාව එහාට කරළා ජිමින්ගෙ ශර්ට් කොළර් එකෙන් අල්ල ගත්තා.
"මං උබට කිව්වා නේද මගේ නංගිගෙ පස්සෙන් යන එක නවත්තපන් කියලා?"
ඒ වෙන කවුරුත් නෙමෙයි යුන්ගි තමයි.
"අනේ ඔප්පා එපා..."
"තොට මම අද..."
යුන්ගි අත මිට මොළවලා ජිමින්ගෙ මුහුණට ගහනවත් එක්කම...
"ආහ්හ්..........."
"ආආආ........ඔම්මේ............."
කම්මුලත් අල්ලන් ඇහැරුන ජිමින්ට ඒ වෙලාවේ තමයි තේරුනේ ඒකත් තවත් එයා දැකපු මෝඩ හීනයක් කියලා.
"මාර හීනනෙ යකෝ මටත් පේන්නෙ? ප්රින්සි මදිවට අරූවත් පේන්න අරන් ඔම්මෙ."
'SUGA...SUGA...SUGA...SUGA...SUGA...'
"ඊව්...මේ මොන කන්කරච්චලයක් ද බන්?"
පහුවදා තියන මැච් එක නිසා හැමෝම වගේ බාස්කට් බෝල් කෝට් එකේ ඕඩියන්ස් එකට වෙලා වාඩි වෙලා තමන්ගෙ පාසල වෙනුවෙන් චියර් කරන ගමන් හිටියෙ. ඒත් වැඩි හරියක් ගැහැනු ළමයි සුගා කියලා දෙදරන්නම කෑගහන එක තමයි පොඩි අවුලටකට තිබ්බෙ.
ඇත්තටම ඒක ගොඩක් සාමාන්ය සිද්ධියක්.ඒත් මේක බලන්න ආව ජිමින් නම් හිටියෙ එයාගෙ කන් දෙක අත් වලින් වහගෙන. හෝසොක්ට නම් ගාණක් නෑ එයා ජෙනී එක්ක කෝප්පයක් හෝදනවා. ටේ නම් ඉතින් ඉස්සර එයාලගෙ ඉස්කෝලෙදි කෙල්ලො එයාගෙ නමත් මේ විදිහට කිය කිය කෑගැහුවා නේද කියලා සිහි කරන ගමන් අතීතයේ ගිලී උන්නා.
YOU ARE READING
NOBODY LIKE YOU |YM (Ongoing)
Fanfiction"I don't like that boy. But I love him. Because I have never met anyone like him. Nobody is like him" ____________________ 2024/05/17