මොකද්දෝ මන්දා හිතේ කැරකෙන අමුතු සිතුවිලි ගැන හිත හිත හිටපු නෙහස් ගැස්සිලා වගේ ඔලුව හැරෙව්වේ එයාගේ උරට උඩින් ආපු ස්පර්ශයත් කටහඬත් නිසා..
"මුකුත් නෑ ගවිඳු..!"
ගවිඳු නිකේශ් එදිරිසිංහ නෙහස්ගේ පොඩි කාලෙම ඉඳන්ම ඉන්න හොඳම යාලුවා වුනා..!
ලොකු හුස්මක් උඩට අදින ගමන් කියපු නෙහස් එයාගේ කකුල බිමට දාලා ගිටාර් එකත් කෙලින් කරලා අල්ලන් ගවිදුට වාඩි වෙන්න ඉඩ හදලා දුන්නේ ගවිඳුත් බෝතල් අස්සේ කුප්පි ගහන්න ඒ කාලේ ඉදන් කැමති නිසා..
"මුකුත් නැත්තම් මෙතන මොන ලබ්බක් කරනවද බන්.."
"ඇතුලේ සද්දේ වැඩියි.."
"ඉතින්..?"
"ඉතින් එලියට ආවා.."
"අපරාදේ ආවේ ගෙදරට වෙලා හිටියනම් ඉවරයි..!"
තොල් තද කරන් සීල් හිනාවක් එක්ක බිම බලාගත්ත නෙහස් හූ මිටත් එක්කම සපත්තුවෙන් වැලි එහාට මෙහාට කරද්දි ගවිඳු,නෙහස්ගේ කොන්ඩෙ අවුස්සලා දැම්මා..
"අවුලෙන් නෙහ්..?"
"එහෙම එකක් නෑ බන්..!
බිම බලන් හිටිය නෙහස්ගෙ උරහිසට එකක් ගහපු ගවිඳු දණිස් දෙකට වැලමිට තියන් අහක බලාගත්තේ, බෙල්ල පොඩ්ඩක් හරවලා නෙහස් ඇස් කොනෙන් වගේ ගවිඳු දිහා බලලා හිනා වෙද්දි..
"මොකෝ තෝ..?"
නෙහස්ගේ හිනාවට හේතුව අහක බලන්ම ගවිඳු අහද්දි ගවිඳුගේ පිටට වැලමිට තියපු නෙහස්,
"මුකුත් නෑ ඕයි.!"
කිව්වේ ගිටාර් එක කම්බි දෙක තුනක් උඩින් ඇගිල්ලකුත් විඩෙන් විඩේට ඇදන් යන ගමන්..
"ඕක තමයි දන්නේ..හෙන ගහලා හිටියත් මන් හොඳින් බන්~~~ කියන්න..!!"
ගවිඳුගේ ඇද කිරිල්ල එක්ක ආපු එරවිල්ලට ගිටාර් එක නුහුරු අතින් අල්ලගත්ත නෙහස් හිනා වුනේ ඔරවන් හිටපු ගවිඳුට තව ටිකක් ඔරවගන්න පාර කපලා..
"උඹ අද ඕ-
ආ ඕ කියහන්..?"වෙනදත් සුපුරුදු ප්‍රශ්නේ එන්න හදද්දිම නෙහස්ගේ වාසනාවටද මන්දා ගවිඳුගේ ෆෝන් එක රින්ග් වුනේ නෙහස්ට රවලා ගවිඳු කෝල් එක ආන්ස්වර් කරද්දි..
________________________
_Sa´rah..
YOU ARE READING
FRIENDZONE
Fanfiction"අපි යන්නේ පාරවල් දෙකක..ඒක තමයි මේකෙ තේරුම...!" Start:-160524 ✍️Ivy__Faith