_Episode 3_

20 4 4
                                    

"නෑ බං අපි බීච් සයිඩ් එකේ..
අපි කිව්වෙ නෙහසුයි මායි බං.
නෑ නෑ මූට මේ කෝල් එකක් ඇවිල්ලලු..
ඉඳහන් ඉඳහන් අපි එන්නම්.."

කෝල් එක කට් වෙනවත් එක්කම ගවිඳු හැරුනේ නෙහස්ගේ පැත්තට...

"මොකද්ද බං ඔය කරන වැඩේ තේරුම..?"

ගවිඳුගේ ප්‍රශ්නෙත් එක්ක නෙහස් විනාඩි දෙක තුනක් කිසිම උත්තරයක් නොදී හිටියා..ඒ නිසාම ගවිඳු මුහුද පැත්තට හැරිලා අත් දෙක බැඳගත්තේ මූට කිව්ව වචන ටික අපරාදේ කියලා හිතන ගමන්..

ගවිඳු හිතපුවා මොනාද කියලා දැනටමත් නෙහස් දැනන් හිටියා.
ඒ නිසාම පොඩි හිනාවක් එක්ක නෙහස් නැගිටලා ගිහින්  ගවිඳුට සමාන්තරව හිට ගත්තා..

"මාත් ඉන්නේ අපායක වෙද්දි ඒ අපායට තව එකෙක් ඇදලා ගන්න ඕනේ නෑ බං මට..
අපි පාරවල් දෙකක යන මිනිස්සු..!!
ඕක තමා තේරුම.."

නෙහස්ගේ උත්තරේ එක්ක ඇස් හීන් කරලා බලපු ගවිඳු ඊලගට කියන්නේ මොකද්ද,කරන්නේ මොකද්ද කියලා නෙහස් හොඳටම දැනන් ඉඳියා..

"අනේ උඹ කෙලහන් අද මන් ඕක කියනවා..!!
එක්කෝ උඹ එක්කෝ මම..!!"

ඇදන් හිටිය කොල පාට කෝට් එකත් ගසන ගමන් වේගෙන් අඩිය තියන් ඉස්සරහට ගිය ගවිඳු දිහා බලන් හිටපු නෙහස් ඔලුව දෙපැත්තට හොලවලා හිනාවෙලා ගවිඳුගේ පස්සෙන් ආවත්, පාටි හෝල් එක ඇතුලට එන්න තියපු අඩියත් එක්කම නෙහස් පස්සට විසි වුනා...!

"අඩේ සොරි සොරි අනේ..!!"

__________________

_Sa´rah...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 15 ⏰

Add this story to your Library to get notified about new parts!

FRIENDZONEWhere stories live. Discover now