Chapter 1

2.1K 121 181
                                    

"Messier 31... එහෙම නැත්තන් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය ක්ෂීරපථය දෙසින් දකුණට අක්ෂාංශ 40කින් පිහිටල තියෙනව වගේම අප්‍රිකාවෙ හා ඕස්ට්‍රේලියාවෙ දකුණු කෙළවරට මඳක් පහළින් දකුණු ඇමරිකාව හරහා වැටිලා තියෙනවා.....

නාසා හි ගණනය කිරීමකට අනුව අපි ජීවත් වන මිල්කි වේ එකට ආසන්නව ම පිහිටල තියෙන විශාලතම මන්දාකිණිය තමයි මේක

"ප්‍රශ්න තියෙනවද කාට හරි?"

"සර්, අපේ ක්ෂීර පථයයි ඇන්ඩ්‍රොමීඩා නෙබුලාවයි අනාගතයේ ගැටෙන්න පුළුවන් කියන කතාව ඇත්තද? "

ඔව් ... වසර බිලියන ගණනකින් වෙන්න පුළුවන් දෙයක්. එහෙම උනොත් මන්දාකිණි දෙකේ තියෙන කළු කුහර ඒකාබද්ධ වෙලා......

කොටින්ම කිව්වොත් මට ලෙක්චර් එක සහමුලින්ම එපා උනා. Astronomy කියන්නෙ මන් ඉගෙන ගන්න ආසම subject එකක්. වෙන ලබ්බවල් නැතුව කෙටියෙන් ම කිව්වොත් ඕක තමයි මගේ ජීවිතේ. ඒත් මේ යකා උගන්නන විදියටනම් නෙවෙයි. සිස්සත්තෙ ලියල ඉවර වෙච්ච ගමන් මොන්ටිසෝරියෙන් වාඩිකරවල අයන්න ලියන හැටි උගන්නනව වගේ feeling එකක් තමයි මට දැනුනෙ. ලොකුකමකට කියනව නෙවෙයි ඒත් ලෙක්චර්ස්වල ගොඩක් දවස්වලට ඉගැන්නුවෙ මම හොදටම දන්නව කියල මට හිතිච්ච දේවල්. ඒ නිසා මේ ලෙක්චර්ස් මට මාර කම්මැලියි.

හැමදාම වගේ හදවතට දැනෙන අමුතු පාළුව කලවම් වෙච්ච දුක අදත් මට දැනෙන්න පටන් ගත්තේ ප්‍රොෆෙසර් කාරයා ඇන්ඩ්‍රොමීඩාව ගැන කියන්න ගත්ත නිසා. Universe එක ගැන කොච්චර අවබෝදයක්‌ තිබ්බත් ඇන්ඩ්‍රොමීඩාව ගාව මටම නොතේරෙන අමුතු අතපසුවීමක් මට දැනුනා. ඒත් එක්කම දැනුණු මට පුදුමයක් නොවිච්ච ඇග ඇතුලෙන් එන වේදනාව මට මතක් කරල දුන්නෙ හැමදාම වගේ තනි වෙන්න වෙලාව හරි කියලා.

ලෙක්චර් හෝල් එකෙන් එලියට අඩි දෙකක් යන්නත් කලින් මාව වට කරගත්ත හතර දෙනෙක් නිසා මම වේදනාව කාගෙන නතර වුණා.

"ප්‍රසිද්දියෙ දෙකක් ඇනගන්න අකමැති නම් කට පුක වහන් අපිත් එක්ක වරෙන්. එහෙම නොවුනොත් අතක්‌ පයක් ගැලවුනාට අපි වගකියන්නෙ නෑ "

අමෝර් අමෝර් හිච්චි ත්‍රස්තවාදියා. ඌ කිව්ව වගේ උන්ගෙ අතක් පයක් ගැලෙව්වට මට වගකියන්නත් බැරි නිසා මන් උන්ගෙ පස්සෙන් ගියා. මුනුත් මහ වුකන වෙලාවලනෙ සෙට් වෙන්නෙ. මගෙ වේදනාව එන්න එන්න වැඩිවෙද්දි මන් මගෙ උපරිම අවදානේ මාව පාලනේ
කරගන්න එකට යොමුකරා. ඒකෙ ප්‍රතිඵලේ විදියට මන් උදාර ලෙස නහය ඇනගත්ත එකෙක්ගෙ කොන්දෙ. කෝ මිනිහො උබර්ගෙ මැනර්ස්. නවතිනවනම් කියල නවතින්න තිබ්බා උබලට. පිස්සු හුප්තා.

ඇන්ඩ්‍රොමීඩාWhere stories live. Discover now