තේහ්‍යුන්ගේ ඇඳ උඩ තේහ්‍යුන් කලින් ඇදලා දාපු විදියටම හාන්සි වෙලා සිවිලිම දිහා බලාගෙන හිටපු ජන්කුක් එයාටත් නොදැනිම එන කඳුලු ඒ කම්මුල් තෙත් කලා. ඔව්... ජන්කුක් අඬනවා.. ඇයි? ජන්කුක් එයා අඬන එකට හේතු හොයන්න මහන්සි වුනේ නෑ. ජන්කුක් දැන් එයාට දැනෙන හැගීමත් එක්ක තනිවෙලා සිවිලිම දිහා බලන් කඳුලු හලනවා. තේහ්‍යුන් දැක්ක මොහොතේ ඉදන් තේහ්‍යුන් එක්ක ගත කල හැම මොහොතක්ම එකදිගටම සිවිලිමේ මැවෙන්න ගත්තේ තේහ්‍යුන් අන්තිමට එයාට කියල ගිය හැම වචනයක්ම රැව් දෙන අතරෙයි. තේහ්‍යුන් එයා ගැන හොයලා බලපු හැටි, පුලුවන් හැම මොහොතකම එයාව ලඟට අරන් උකුලෙන් ඉන්දවගෙන ආදරේ දුන්න හැටි... මේ හැම මොහොතක් ම ෆිල්ම් එකක් වගේ සිවිලිමේ මැවි මැවි පේන්න ගද්දි ජන්කුක් දැනුනේ එකම එක දෙයයි. තේහ්‍යුන් එයාව දාලා ගිය මොහොතේ ඉදන් ජන්කුක්ට දැනුනේ ජන්කුක්ට එයාගෙ මුලු ලෝකෙම නැති වුනා වගේ හැඟීමක්. ජන්කුක් ඒ හැඟීමට හේතු හොයන්න උත්සාහ නොගත්තේ එයාට දැන් ඕන වුනේ තේහ්‍යුන්ගේ ලෝකෙ තනිවෙනක එක විතරක් වුන නිසයි. ජන්කුක් සිවිලිම දිහා බලාගෙන තේහ්‍යුන්ගේ ලෝකෙ තනිවෙද්දි තේහ්‍යුන්.....
තේහ්‍යුන් ජන්කුක්ගේ මතක මනසින් අයින් කරලා දාන්න හිතාගෙන වාහනේ ෆුල් ස්පීඩ් එකෙන් සෝල් පාරෙ ඩ්‍රයිව් කලා. පාරෙ තියෙන හැම වාහනයක්ම වගේ පහු කරගෙන ඩ්‍රයිව් කරන තේහ්‍යුන්ගේ වාහනේ පස්සෙන් දේහ්‍යුන් ඩ්‍රයිව් කලේ තේහ්‍යුන්ගේ වේගෙන්මයි. මේ වේගෙන් යන වාහන දෙක පොලිස් ඇසට හසු වුනත් කිසිම ක්‍රියාමර්ගයක් ගත්තෙ නැත්තේ තේහ්‍යුන්ගේ වගේම දේහ්‍යුන්ගේ වාහන වල නම්බර් ප්ලේට් වල VVIP සලකුනු සටහන් වුන නිසයි. ඒ නිසා අධික වේගයෙන් යන මේ නිල් පාට වාහනෙත් ඊට පස්සෙන් ඒ වේගෙන්ම යන කළු පාට වාහනේ ගැන සෝල් පොලීසිය කිසිම තැකීමක් කලේ නෑ.
තේහ්‍යුන් දත් මිටි කාගෙන තරහත් දුකත් අතරේ වාහනේ ඩ්‍රයිව් කරන් කෙලින්ම ආවෙ තේහ්‍යුන් වෙනදා එන ක්ලබ් එකටයි. ක්ලබ් පාර්කින් එකට වාහනේ ගෙනාපු තේහ්‍යුන් වාහනේ රිවස් නොකරම කෙලින්ම පාකින් ලොට් එකට දැම්මේ ආපහු සැරයක් වාහනේ ගිහින් තාප්පෙ වැදිලා වාහනෙ හෙඩ් ලයිට් එක කුඩු වෙද්දියි... ජන්කුක් තෝරපු වාහනේ නිසා මෙච්චර කල් ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කල වාහනේ දැන් තේහ්‍යුන් විසින්ම හප්පලා විනාස කරලා.
YOU ARE READING
🖇️The Toxic Lover ⛓
Romanceආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක්ද ?... නමුත්.... Don't Hate Me Until I Show You My Love 🐯🐰 #Sinhala Taekook 🔞 Bottom ⬇️Jungkook, Top🔝 Taehyung Maybe swich🔄 Mature Content 🔞 All names, places in the story are imaginary.