වෙසක්නම් ඊයෙ තමා ලිව්වට අප්ලෝඩ් කරන්න බැරිවුනා. ඉතින් මේක කොටස් දෙකක පොඩි වෙසක් කතාවක් ආස අය කියවලා ලස්සනයිනන් වොට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න... 🤗
**********************
වෙසක් වැස්සත් පටන්ගත්තා. හැම වැස්සම එක වගේ උනාට ඇයි මැයි මාසෙ වැස්ස පටන්ගත්තම ඒ වැස්සෙ තාලෙ එක්ක වෙසක් වැස්සමයි කියලා හිතෙන්නෙ... ඒ වැහි වරුසාව අහසින් වැටෙනකොට හරියට වෙසක් මල් වරුසාවක් වැටෙනවා වගේ කියලා දැනෙනවා. ඒක මහ අමුතුම හැඟීමක් උදේ ඉදන් එකම ගානට ඉවරයක් නැතුව වහිනවා. සමහරවෙලාවට එකපාරට අහසට තරහා ගියා වගේ මහ හයියෙන් මොර සූරන්න වැස්ස වැඩි කරනවා. ඊටපස්සෙ ආයි වැස්ස කෑගගහා මොර දෙන එක නතර කරලා සාමාන්‍ය විදියට කියවන්න ගන්නවා. වෙසක් වැස්ස මොනවද මේ මෙච්චර අපිට කියන්නෙ.. දම්පාටවෙලා කෑගහන්න මොකද්ද එයාට ඔච්චරටම තියෙන දුක..
මට හිතෙන්නෙ හරියට අහස වෙසක් මල් වලින් ආදරෙයිද කියලා ඇහුවම ලා දම් පාටින් පිපිලා ලස්සනට පොපියන වෙසක් මල ඇකිලිලා අහසට ආදරේ නෑ කියලා පරවෙලා යනවා වගේ... වෙසක් මල් රවලා ආදරේ නෑ කිව්වම වෙසක් අහස අපිට දුක කිය කිය අඬනවා.
විටෙකින් නිසොල්මන් මෝඩ අහස ආයි ලස්සන වෙසක් මලක් පිපෙනකන් ඉරට ඉඩදීගෙන ඇහිපිය නොහෙලා වෙසක් මලේ සිනිඳු පෙති දිගැරෙන තාලෙ බලන් ඉදලා ඒ ලස්සනට වශීයෙන් අයෙම අහස වෙසක් මලෙන් අහන්නෙ මට ආදරෙයිද කියලා. ඒත් ඒ මුරණ්ඩු ලා දම්පාට සුන්දර වෙසක් මල පිපෙන පරක්කුවට අහසට ආදරේ නෑ කියලා පරවෙලා යන්න ගිය ගමන් වෙසක් අහස ආයි මෝඩයෙක් වගේ අඬන්න ගන්නවා. වෙසක් කාලෙට විතරක් පිපෙන නිසාද නැත්තන් ලස්සන වැඩිකමටමද මන්දා වෙසක් මල ඒ තරම් අහංකාර.. කමන්නෑ එහෙම අහංකාර උනාවෙ.. මලකට අහංකාරකම වටිනවා.
YOU ARE READING
පින්බරයි වෙසක් මල් වැස්ස🏮🌧【Yɪᴢʜᴀɴ Sʜᴏʀᴛ Fᴀɴғɪᴄ】
Fanfiction✿♡ නපුරු වුවත් නුඹයි මගේ සුන්දර පින්බර වෙසක් මල ✿♡