ඔන්න ඔහේ තාම වෙසක් කියලා හිතාගෙන කියවන්න අනේලා 😁
****************
අද තමා වෙසක් පෝය... පාන්දරනන් වහිනවා හීනෙන් වගේ ඇහුනා මතකයි. ඒත් දැන්නන් වහින පාටක් නෑ. අව්වත් වැටිලා. අපේ අම්මා වැලේ රෙදිත් වනලා... උදේ මං ඇහැරෙනකොට අටට විතර ඇති ඊයෙ රෑ නිදාගන්නකොට දැක්කෙත් තාත්තා කූඩු අලවනවා. නැගිටිනකොටත් දැක්කෙ තාත්තා කූඩු අලවනවා. අපේ තාත්තා හැමපාරම වෙසක් කූඩු පහලවයක් හදලා වැරන්ඩා එකේ පේලියට එල්ලනවා. බෞද්ධ කොඩියෙ පාට ටිකෙන් අලවනවා. එතකොට සුදු පාටයි තව පාටකුයි මික්ස් කරලා අලවනවා. ඔහොම එක එක විදියට තමා තාත්තා කූඩු අලවන්නෙ.. මේ පාර තෝරගෙන තියෙන්නෙ තනි සුදු.. එච්චර කූඩු ගොඩක් හදන එක දැන් එයාට පුරුද්දට ගිහින්.. මාත් අම්මා වහලා තිබ්බ තේක බීලා මූණ හෝදලා ශෝටකුයි ටීශර්ට් එකකුයි ඇදගෙන තාත්තට උදව්වෙන්න වාඩිවෙන්න හදනකොට අම්මා උදේට කන්න කතා කරා.. පොල් රොටී බෝල කොච්චි දාපු ලුණු මිරිසුයි. ගෙදර ආවම තමා අප්පා කන්න ආසම කෑම කන්න හම්බෙන්නෙ... හතර දෙනාම උණු උණුවෙම රොටි කාලා ප්ලේන්ටිත් බීලා සාලෙ මැද කූඩු අලවන්න වාඩිවුනා. තව අලවන්න තියෙන්නෙ කූඩු පහයි. හතර දෙනාට ඕක පැයට ඉවර කරන්න බැරියෑ. තාත්තා කිව්වෙ එහෙමයි. හැබැයි තාත්තා කියන විදියට අලවන්නත් ඕන දශමයක් වෙනස් වෙන්න බෑ. මොකද එයාට ඕන සේරම කූඩු ටික එකම විදියට තියෙන්න... අලවලා ඉවරකරපු අනිත් කූඩු සාලෙ එල්ලලා තියෙද්දි අපි ඒවා දිහා බලාගෙන කූඩු අලවන්න පටන්ගත්තා.
නිහැඬියාවකින් පස්සෙ තාත්තා අම්මට කතා කරා
"ඒයි.. කීයටද යනවා කිව්වෙ..."
"දන්නෑ ඒයි නිදුක් පුතා තාම වෙලාවක් කිව්වෙ නෑනෙ"
"කොහෙද අම්මා"
"වෙසක් බලන්න සුදු.. ඇයි මං කිව්වෙ නැද්ද?"
"ම්හ්"
"හැමපාරම ගමේ අය ශාක්‍යසිංහ මාමාගෙ බස්වලනෙ වෙසක් බලන්න යන්නෙ... මේ පාර නිදුක් ළමයාගෙ බස් එකයි.. බස් පහක්ම යනවා..."
හාපෝ... දැන් මෙයාලත් යනවා කියලද ඔය කියන්න හදන්නෙ... මට බෑ අප්පා මං ආස නෑ අර බුම්මට්ට... එයාගෙ මල්ලි නිදුද් එන්නැද්ද දන්නෑ... එයා දැන් ඩොක්ට කෙනෙක්නෙ ඒ නිසා මං හිතන්නෙ ඕවෑ යන්න එන එකක් නෑ. ඉස්සරනන් මට මතකයි අපිත් එක්ක වෙසක් බලන්න යනවා. අර බුම්මට්ටා වගේ තක්බීරිවෙලා බලන් ඉන්නෑ. හොඳට කතා කරලා ෆිට් එකේ ඉන්නවා. අනික කොල්ලා හැන්ඩියා. ගොඩකාලෙකින් එයාව දැක්කෙත් නෑනෙ... දකින්නත් ආසයි. එයා මගෙ පොඩිකාලෙ ක්‍රශ් එකක් තමා ඉතින්...
YOU ARE READING
පින්බරයි වෙසක් මල් වැස්ස🏮🌧【Yɪᴢʜᴀɴ Sʜᴏʀᴛ Fᴀɴғɪᴄ】
Fanfiction✿♡ නපුරු වුවත් නුඹයි මගේ සුන්දර පින්බර වෙසක් මල ✿♡