🪔අවසන් වෙසක් මල් වැස්ස🪔

128 28 53
                                    

හවස අපි තනි සුදෙන් ලෑස්තිවෙලා බුදුන්ට පහනත් තියලා කූඩු පත්තු කරලා වැරන්ඩා එක දිගේම අපි කට්ටිය එකතුවෙලා මැටි පහනුත් පත්තු කරලා තව නංගි ගෙනල්ලා තිබ්බ බකට් වගේකුත් පත්තු කරලා වත්තෙ ගස්වල එල්ලුවා. සුදු පාට කූඩු කහපාට ලයිට් වලින් එලිය වෙද්දි මැටි පහන් ටිකේ එලියයි වැරන්ඩා එක වටේට ගිහිපු බෞද්ධ කොඩියෙ පාට ලයිට් වැලයි ගස්වල එල්ලපු බකට් ටිකයිත් එක්ක අපේ ගෙදර වෙසක්වල තිබ්බෙ පුදුම ලස්සනක්... කොහොමත් වෙසක් එකට ඒ හරියෙන් ගොඩක්ම ලස්සනට හැඩවෙන්නෙ අපේ ගෙදර කියලා අහලපහල හැමෝම කියනවා. මේ පාරත් ඉතින් එහෙම තමා අපේ තාත්තගෙ වැඩනෙ ඉතින්... තව ටිකක් කලුවර වැටුනම තමා ලස්සන ඒත් ඉතින් වෙසක් බලන්න යන්න තියෙන නිසානෙ මේ වෙලාවෙට පත්තු කරන්න උනේ...

බස් එක ගේ ලඟින් හෝන් කරගෙන උඩහට ගියා. උඩහා කට්ටියව අරගෙන තමා දැන් ඕක එන්නෙ... ජනේල් අයින් ටික සේරම පිරිලා තියෙයිද දන්නෑ. ඒ බස් එක සෙනඟ ඉන්න ගානට අපේ හරියෙන් පටන්ගන්නකොට අනිත් බස් දෙක පහක් කිව්වට ලොකු සෙනඟක් නැති නිසා දැන් බස් තුනයිලු යන්නෙ.. අනිත් බස් දෙක පටන්ගන්නෙ ශාක්‍යසිංහ මාමාලගෙ ගෙවල් ගාවින් කියලා අම්මා කියනවා මට ඇහුනා. හයහාමාරටත් කිට්ටු හින්දා අපි දොරවලුත් වහලා ගේට්ටුවත් වැහුවා. ඉස්සරහා ගෙදර නැන්දලත් පාර පැනලා අපේ පැත්තට එද්දි පාර අයිනටවෙලා ඉන්නකොට බස් එක ඇවිල්ලා නතර කරා... ම්ම් ශාක්‍යසිංහ වන්දනා කියන එක තමා දැක්ක ගමන් පේන්නෙ.. පොඩ්ඩි නඟින්න හැදුවට මං තමා ඉස්සෙල්ලම නැග්ගෙ.. ඉස්සරහින් නඟින්න පුලුවන් විදියට බස් එක නැවත්තුවට අර උණහපුලුවා ඩ්‍රයිවින් සීට් එකේ නිසා ඌ ලඟින් යනකොට ගල්ගිල්ලා වගේ කොහොමත් බලන් ඉන්න හින්දා මං හිතලම පිටිපස්සෙන් නැග්ගා. මගෙ ලක් එකට පිටිම පස්සෙ දිග සීට් එකම හිස් මං ටක්ගාලා පිටිපස්සෙ සීට් එකේ කොනක් අල්ලගන්නකොට කොල්ලො ටිකත් ආවා. කොහොමහරි පිටිපස්සෙ සීට් එකම අත්පත් කරගත්තෙ අපි තමා... අපේ අම්මලා මැද හරියෙන් වාඩිවුනා. මට සෙට්වුනේ මරු පොට් එක... එතන්ට ආපු තව සෙනඟ නඟින නිසා බස් එක නවත්තගෙන ඉද්දි මං වීදුරුව ඇරලා එලිය බලලා ඉස්සරහා බලනකොටත් මං දිහා බලන් ඉන්න එකාව දැක්ක ගමන් මං ඇස්වලින් රවලා අහක බලාගත්තා. මොන රෙද්දක්ද අප්පා මං දිහා බලාගෙන ඉන්නෙ.. යකෝ මොන වදයක්ද මේක...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 16 ⏰

Add this story to your Library to get notified about new parts!

පින්බරයි වෙසක් මල් වැස්ස🏮🌧【Yɪᴢʜᴀɴ Sʜᴏʀᴛ Fᴀɴғɪᴄ】Where stories live. Discover now