"පුතාල එහෙනං පරිස්සමට ගිහින් එන්න"
ට්‍රිප් එක යන්න ලේස්ති වෙලා අපි දෙන්නා අම්මටයි සහේලි ආන්ටිටයි වඳිනකොට එයාල කිව්වා. හතට යමු කියපු පගයෝ ටික හය හමාර වෙද්දි ගෙදර ලගට ආපු එකේ කේන්තියෙන් මම හැමෝම එක්ක හිටියේ. අපේ අම්මා අභි අයියව මම හිටපු තැනට කතා කර ගත්තා.
"පුතේ.. ඔය දරුවෝ ටිකව විශ්වාස කරල අපි මේ ලමයි දෙන්නා එවන්නේ. අපි දෙන්නටම ඉන්නේ මේ කොල්ලෝ දෙන්නා විතරයි. ඒනිසා පරිස්සමින් බලාගන්න පුතේ මේ දෙන්නව. දඟ කරන්න ආවොත් කනට දෙකක් ගහන්න"
"බය වෙන්න එපා ආන්ටි. මම දෙන්නවම බලාගන්නම්"
"හරි පුතේ. බුදු සරනින් පරිස්සමින් ගිහින් එන්න"
අපි හයයි හතලිස් පහට විතර ගෙදරින් පිටත් උනා. හරියටම හත වෙද්දි හෝමගමින් අනිත් අයවත් අරන් අපි නෝමල් වේ එකේ වැලිගම එන්න පිටත් උනා. විදුරංග අයියා ඩ්‍රයිව් කරන් යද්දි එයා එක්ක ඉස්සරහ හිටියේ විහග අයියා. සුභානි අක්කයි ආදිත්‍යායි ඉස්සර ශීට් එකේ හිටියා. නිලුපුල් අයියා ලක්කා එක්ක පිටි පස්සේ ශිට් එක ඉස්සරහ එකේ ඉද්දි අභි අයියයි මමයි පිටිපස්සේම ශීට් එකෙ ජන්මාන්තර වෛරක්කාරයෝ දෙන්නෙක් වගේ දෙපැත්තෙ ජනෙල් දෙක ලග හිටියා.
"විහගයියේ ඔය ප්ලේ ලිස්ට් එක වෙනස් කරාම්කෝ. ට්‍රිප් එකක් යන්නේ නැතිව බෝල් එකකට යනව් නෙවිනේ"
පට්ටම රොමැන්ටික් සින්දු ටිකක් ප්ලේ වෙද්දි මම මට ඉස්සරහ ශීට් එකේ හිටපු රොමියෝ ජුලියට් දෙන්නව කුලප්පු කරන්න හිතාගෙන කිව්වා. උන් දෙන්නා ඇලි ගැලී වෙලී නිදාගෙන යනවා. අභි අයියා නං හොරැහින් මගේ දිහා බලන ගමන් එලිය දිහා බලාන යනවා.
"අනේ අනේ මොනාද දාන්නෝන ඔයාට?"
"නැගල යන සින්දුවක් දාන්න"
මගේ සහයට ආදිත්‍යාත් ආවා. මම ඉස්සරහ ශිට් එකට ගිහින් ආදිත්‍යා එක්ක ආදිත්‍යාගේ ටැබ් එකෙන් ඩීජේ ලිස්ට් එකක් තෝරලා ප්ලේයර් එකට බ්ලුටූත් කලා. අප්පටසිරි දැන්නේ මතක් උනේ මගේ ෆෝන් එක තාම ඕෆ්... මම හනිකට හිටපු තැනටම ගිහින් ෆෝන් එක ඕන් කලා. දෝණි කෝල් කරල තිබ්බනං ගස් තමා. බය වෙයි එයා හොදටම. හම්මෝ පණ බයෙන් ෆෝන් එක බලද්දි තිබුන සේරම කෝල් මැසේජ් අභි අයියගෙන්. යසයි පගයා කෝල්ස් විසි අටක් එක්ක වට්සැප් මැසේජ් දහයක් තිබුනා. හැබැයි මම ඔයිට වඩා බලාපොරොත්තු උනා. සැහ් රොමැන්ටික් වෙන්න තේරෙන්නැ මුට. බ්රාස් බ්රාස් ගගා ෆෝන් එක වයිබ්රේට් වෙද්දි අභි අයියා මගේ දිහා කන්න වගේ බලන් හිටියා. එයාගේ බැල්ම කොච්චර බරපතලද කියනව නං එතකොට තමා මට මතක් උනේ මම දෙයියන්ට උන පොරොන්දුව. හම්මට දැන් ඉතින් කතා කරන්න පොටක් පාදගන්න එපැ මු එක්ක.
YOU ARE READING
Aster Monarch
Non-Fiction.... ශ්රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම...