12.

7.8K 857 656
                                    

මොකෙක්දෝ එකෙක් ඇවිත් දොරට තඩි බාන්න ගත්තා.....

"සසා බෝතල් ටික හංගපන් ක්ෂණික."

"යෙසප්පා මේ බයිට් අනං මනං ටික අලා ගනින් කලිෂම අෂ්ශේ."

"හරි නේ එහෙනම් මං දොර අරිනවා."

අපි කට්ටිය හොරෙන් හොරෙන් කතා කරලා බඩු ටික හංගලා දොර ඇරියා.
දොර ඇරියා විතරයි....

"හරි හරි උඹලා හංගපු බඩු ටික එළියට ගනින්."

තෙනුජයා මාවත් තල්ලු කරන් කෙවිනුයි මහියා එක්ක අපේ රූම් එක ඇතුලට ගියා. යුවාන් දොර ළගට වෙලා තාම හිටන් ඉන්නවා. ජෙගන්ගේ ඇස් දෙක කටේ. සහස්ගේ සිටුවේෂන් එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. චමෝද් බයිට් ටිකට බෙඩ්ෂීට් එකක් දාගෙන වහන් ඉන්නවා.

තෙනුජයා අරූට වරෙන් වරෙන් කියලා ඇහැක් ගැහුවම මූ නිකන් අපායට යන්න පය තියනවා වගේ රූම් එක ඇතුලට ආවා. මන් දොරත් ලොක් කරලා අපේ උන් ළගට ආවා.

"මෙහෙමයි මචං උඹලගේ බෝතල් සීන් එක මට පහළ කෑම කන තැනදිම කනට වැටුනා. කොහෙද ඉතින් උඹලා අම්මණ්ඩිලා වගේ තැනක් කොතැනක් නැතුව කෝප්ප හෝදනවනේ. බය වෙන්න එපා මේ ගැන සර්ලට අපි කියන්නේ නැහැ. හැබැයි "

"හැබැයි මොකක්ද???"

මේ කොට පකයා කියෝනවා. ඌත් එක්ක අනිත් උන් දෙන්නත් දෙපැත්තේ ඉඳගෙන. යුවාන් කාරයා තාම හිටගෙන. ඩයල් එකට මෙතන ඉන්න බැරි සීන් එකක් වගේ තියෙන්නේ.

මන් කිව්වා අපේ උන්ට තැන තැන බෝතල් ගැන කියවන්න එපා කියලා. දැන් හරිනේ පුකේ අමාරුව. අරූ හැබැයි හැබැයි ගාද්දී සහස් පැන්න ගමන් ඇහුවා හැබැයි මොකක්ද කියලා.

-  ආදි  -Where stories live. Discover now