20.

8.2K 907 1.1K
                                    


මං තාම යුවාන්ගේ වචන අස්සේ අතරමං වෙලා.

උට වද වෙන්නත් ඉන්නේ මං විතරයි කිව්වා.

ඒ කියන්නේ මට මොනා හ‍රි උනාම උට අවුල් යනවද? හිතට වද දෙනවා වගේ ඇතිද? 

ඇයි මගේ හාර්ට් එක තාම මේ තරම් හයියෙන් ගැහෙන්නේ?  ඌ මගේ පපුවට තුරුල් වෙලා හිටිය විදිහ මතක් වෙන මතක් වෙන සැරේට මට හෙන අමුතු සතුටක් දැනෙනවා. ඒක මට කියලා විස්තර කරන්න බැරි විදිහේ ෆීලින්ග් එකක්.

ඒක ආදරේද?  මට මේ දැනෙන හැඟීම ආදරේද?  මං අර ලස්සන ඇස් තියෙන පණ්ඩිත කොල්ලට ආදරේ කරන්න අරන්ද.?
ඒත් මං මීට කලින් කාටත් ආදරේ කරලා නැහැ. මේ ෆස්ට් ටයිම් මටත් හොරෙන් මගේ හිත වෙන කෙනෙක්‌ ගැන හිතන. ඒකත් කොල්ලෙක් ගැනම!!!!

කල්පනාවෙන් කල්පනාව ගේ දොරකඩටම ඇවිත්. ඔලුවේ ඉඳන් වතුර වැක්කෙරෙනවා.
සිරාවටම කියනවා නම් අරූ දීලා ගිය ටෝක් එකෙන් පස්සේ ඉඳලා මට ට්‍රැක් වගේ. මෙලෝ සිහියකින් නෙවේ මං ගෙදරට අවේත්.
දොර ඇරගෙන මම සපත්තුවත් ගලවන්නේ නැතුව බෑග් එකත් කරේ එල්ලන් වතුර බේරෙන ඇඳුම් පිටින්ම රූම් එකට යන්න යද්දි.

"චූටී පුතා මොකද ඔය හොඳටම තෙමිලා.!!! වැස්ස පායනකන් ඉඳලා එන්න බැරිද ඔච්චරටම? කොච්චර කියනවද කුඩයක් අරන් යන්න කියලා. බලන්න දිය බරියෙක් වගේ වතුර ගේ හැමතැනම."

"ඇයි ඔය කාමරේ අස්සට රිංගන්න හදන්නේ. නාලා එන්න ඔහොමම ගිහින්."

මං එහෙමම බාත්රූම් එකට යන්න හැරුනා.

"ඔය බෑග් එක ගලවලා යන්න ළමයෝ. පොත් ටිකත් නාවන්නද ලෑස්තිය.??"

බෑග් එක එහෙමම බාත්රූම් එක ඉස්සරහම බිම දාලා මං බාත්රූම් එක ඇතුලට ගිහින් දොර වහා ගත්තා.

"ආදි ඔය සපත්තු දෙක දාගෙන ඕක අස්සට ගියේ මොකද.??? මොන සිහියෙන්ද ළමයෝ ඉන්නේ. පිස්සු පයිතියන් වගේ වැඩ කරන්නේ. මොනා වෙලාද දන්නේ නැහැ කොල්ලට මෙලෝ සිහියකින් නෙවේ ඉන්නේ. වැස්සේ තෙමිලා වැඩි වෙලාද කොහෙද? "

-  ආදි  -Where stories live. Discover now