" තනි අතෙන් ඩ්රයිව් කරන්න එපා "
තුරුල් නොරිස්සුමෙන් කිව්වෙ දකුණු අතින් ඩ්රයිව් කරනගමන් වමෙන් තුරුල්ගෙ අත අල්ලන් යන සයාශ්ට. දවල් ටිකට් කැපුවත් සයාශ්ගෙ උරහිස තාමත් හොද මදියි කියලමයි තුරුල්ගෙ හිත කියන්නෙ. කොහොමහරි රණුඩුත් මැද්දෙ කාර් තුන ළඟා උනේ කොළඹ ෆ්ලවර් රෝඩ් එකේ තිබුණ මාලිගාවක් වගේ ගෙදරකට.
Warnakulasooriya
තාප්පෙ ගෝල්ඩ් කලර් තහඩුවක ගහලා තිබුණෙ වැල් අකුරින්... සයාශ් කාර් එක මුලසුන දරාගෙන හෝර්න් කරාම රෝලින් ඩෝ එක ඇරුණෙ මහා විසාල ගාර්ඩ්න් එකක් කෙලවර තිබුණ ගෙයක් සම්පූර්ණ පාරට නිරාවරණය කරගෙන. කාර් තුනම කෙලවරින් පාක් කරපු කපල් තුන ගියේ ගේ ඇතුළට...
" අප්පච්චීහ්හ්... සුදු පුතා ගෙදර ආවෝහ්හ්හ්හ් "
සයාශ් කෑ මොර දීපු දීමට චනුසද ඇර අනිත් ඔක්කොම නං පුදුම උනා. මොකද සයාශ් කෑ ගහන්නෙ තරහ ගියාම විතරයි. අනික වචන දෙක තුනකට වඩා කතා කරන්නෙත් අඩුවෙන්..
" ලොකු මාමේහ්හ්... අමුඩෙත් ආවෝහ්හ්.. "
චනුසදත් ගිහින් කෑ ගැහුවම පැහැසි චනුසද දිහා බැලුවෙ මං කරගැහුවෙ පිස්සෙක්ද වගේ ලයින් එකකින්.. අර කතාවට සයාශ් ඇරෙන්න අනිත් ඔක්කොටම හිනා ගියා. චනුසද අමුඩෙ නම් ඉතින් සයාශ්......... ඔව් ඔව් ඒක තමයි. අමුඩෙ තනියම ගමන් යන්නෑනෙ ඉතින්...
" ආ මගෙ කොල්ලො දෙන්නා... "
වීල් චෙයා එකකින් ආවෙ වරුණ වර්ණකුලසූරිය හිනාවකින් හැමෝටම සංග්රහ කරද්දි හැමෝම ගෙට ගොඩ උනා..
" හම්මට නැන්දේ... සුදු වෙලා හැඩ වෙලා හැබැයි මහත් වෙලා හොදේ .. බඩේ සයිස් එකට මාස පහකුත් විතර වගේ.... "
චනුසද කින්ඩියට කියාගෙන ගියේ තිවිරුගෙ අම්මට. වික්රමසූරිය මහ එකාලටයි ඔය චනුසදටයි නීටා වික්රමසූරියව , හරියටම කිව්වොත් නීටා වර්ණකුලසූරියව විහිලුවට ගන්න එක තරම් වැඩක් තව නැහැ. මොකද තිවිරුටයි අම්මටයි දෙන්නටම වචන කියද්දි අහන් ඉන්න බැහැ.
" මොකෝ මේ ගෙවල් දොරවල් දාලා ගිය උන්ට මේවා මතක් වෙලා.. "
" හෝව් හෝව් දාලා ගියේ නෑ හරිත.. චූටි බ්රේක් එකක් විතරයි... පවුලෙ ලොකුම මුණුපුරා වශයෙන් සීයගෙ දේපල වලට මං ඇර වෙන කවුරු වගකියන්නද ? "

YOU ARE READING
Blooming Flowers /Non Ff | Completed ✔️
Science Fiction"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024