43 වන කොටස

1K 96 45
                                    

" තෙසූ නැකත කීයටද ? "

" හතයි හතලිස් දෙකට නැගෙනහිර බලාගෙන "

සයාශ් බඩු ලේස්ති කරනගමන් තුරුල්ගෙන් ඇහුවෙ එයාට නැකැත් සම්බන්ධව එච්චර දැනමුතුකම් නොතිබුණු නිසා.. මේ දවස් හතරම කට්ටිය මූව් අවුට් වෙන එකට බිසී වෙලා ඉදියෙ. තුරුල් ගෙදරට වෙලා හිටියට මොකද ෆ්ලෝ එක සම්පූර්ණ ඩිසයින් කරේ තුරුල්. පැහැසි මූලික වෙලා අදාල විදිහට ⁣ෆ්ලෝ එක ඩිසයින් ගැන බලද්දි අනිත් කට්ටියනම් බිසී උනේ බඩු එහෙ මෙහෙ කරන්නමයි. තිවිරුත් ඉදලා හිටලා ඇවිත් ඔලුව දාලා ඉන්න උන්ට වදදීලා ගියේ නැතුවමත් නෙවි.

" යාශ්ශ්.... "

බඩු ටික කාර් එකට දාලා ගේ දොරත් ඇරන් ඇතුල⁣ට එද්දි තුරුල් කෑ ගැහුව නිසා සයාශ් අඩියට දෙකට ගියේ රූම් එක පැත්තට. යද්දි තුරුල් ඉන්නවා පූ බබාව ඇද මැදින් තියාගෙන ඒ වටේට චූටි ඇදුම් ගොඩකුත් තියාගෙන. ඇදුම් කිව්වට පූ බබාට මාසයක්වත් නැති නිසා නැපියයි අර පිටිපස්සෙන් පටිය ගැට ගහන චූටි උඩ ඇදුමයි ඇර වෙන දෙයක් අන්දන්න බෑ.

" අනේ මට ලස්සන එක තෝරන්න බෑනෙ ? "

දොර ළඟ හති අරින සයාශ්ට හිනයිත් එක්ක මෙතන කඩන් බිදන් ආපු කාරණේ අහලා. සයාශ් එහෙමම හිනාවෙවී ගිහින් තුරුල්ව බැක් හග් කරන් දෙපැත්තට වැනෙන්න ගත්තෙ චූටි පැටියා ඇද උඩ ඉදන් චූටි අත පය හොල්ල හොල්ල වියන් ඇදේ උඩ එල්ලලා තිබුන කුරුළු කොට්ටෙ දිහා බලන් ඉද්දි.

" අර නිල් පාට සමනලයා ඇප්ලික් කරපු එක අන්දමු "

සයාශ් චූටි නිල්පාට සමනයෙක් ඇප්ලික් කරපු සුදු උඩ ඇදුමක් තෝරද්දි තුරුල්තුත් ඒක කලින් ඉදලම ඔලුවෙ තියාගෙන ඉදියා වගේ ගිහින් ඇදුම අතට අරන් පූ බබාගෙ ඇදුම් අන්දන දිහා සයාශ් බලන් ඉදියෙ සයිඩ්ටේබල් එකට හේත්තුවක් දාගෙන අත් දෙකත් පපුවට බැදගෙන. තුරුල් පැටියව අල්ලන්නෙ මලක් අල්ලනවා වගේ හරි පරිස්සමට. තුරුල් මල් එක්කම ගනුදෙනු කරන නිසා චූටි පැටියවත් තුරුල් බලාගන්නෙ මලක් වගේ..

චූටි තොප්පියයි මේස් දෙකයි දාලා නිල් පාට බූල් බූල් පැනෙල් එකකින් ඔතපු චූටි පැටියවත් අරන් කට්ටිය ගෙදරින් එළියට බහිද්දි හයහමාර විතර වෙලා. තුරුල් අඩියක් තියන්නෙත් හරි පරිස්සමට. මොකද බබාල එක්ක වැඩ කරලා පුරුදු දෙන්නෙක් නෙවිනෙ මේ දෙන්නම.

Blooming Flowers /Non Ff | Completed ✔️Where stories live. Discover now